settings icon
share icon
ප්‍රශ්නය

ස්ටිග් මාටා — එය කුමක්ද? එය බයිබලානුකුලද?

පිළිතුර


ස්ටිග් මාටා යනු පුද්ගලයෙකුගේ ශරීරය මත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුවාල පෙනුමයි. සමහර අප කීර්තියට, කසයෙන් හා / හෝ කටුඔටුන්න නිසා ඇතිවූ හිස තුවාල හේතුවෙන් යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිටේ තුවාල නිරූපණයවු බව දැක්වේ. එහෙත්, සාම්ප්‍රදායිකව, අප කීර්තිය සම්භාව්‍ය කරුණු පහකින් සමන්විත වේ: පැත්ත (යේසුස්වහන්සේ මිය ගිය බව සනාථ කිරීම සඳහා හෙල්ලයෙන් අනින ලද ස්ථානය) සහ අත් දෙකම සහ පාද දෙකම (කුරුසියේ ඇණ ගැසීමෙන් ඇතිවූ තුවාල). ස්ටිග් මාටා "තුවාල පහක්" හෝ "අපගේ ස්වාම්න්වහන්සේගේ පූජනීය තුවාල" ලෙසද හැඳින්වේ.

සභා ඉතිහාසයේ පුද්ගලයන් කිහිප දෙනෙකු ආශ්චර්යමත් ලෙස එවැනි ලකුණු වලට (ස්ටිග් මාටා) බවට පත්ව ඇති බව කියා සිටිති. කෙසේ වෙතත්, මෙම පෙනී සිටීමේ නීත්‍යානුකූල භාවයට බර පතල අභියෝග තිබේ. බොරුකාර ලෙස එවැනි ක්‍රියා වල යෙදුණු අය තමන්ටම තුවාල කර ගත් බව ඔප්පුවි ඇත. අප කීර්තියට පත්වන ලෙස බයිබලය කිසිවෙකුට උපදෙස් ලබා දිලාවත් දෙවියන්වහන්සේ අප කීර්තිය ලබා දෙන බවවත් ප්‍රකාශ නොකරයි. ගලාති 6:17 හි පාවුල්තුමා මෙසේ පවසයි, "මක්නිසාද මම යේසුස් වහන්සෙගේ සලකුණු (නිවාරණ) මාගේ ශරීරය මත දරමි. පාවුල්තුමාට කුරුසියේ ඇණ ගැසීමේ කැළැල් ඇති බව මින් අදහස් නොවේ. ඒ වෙනුවට, එයින් ඇඟවෙන්නේ ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඇති කැපවීම නිසා පාවුල්තුමාගේ ශරීරය කැළැල්වූ බවයි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් තුවාල ලැබු අතර එය අපි ලැබිය යුත්තක් නොවේ.ඇදහිලිවන්තයෙකුගේ සිරුරට කුරුසියේ ඇණ ගැසීමේ තුවාල ආශ්චර්යමත් ලෙස පටවනු ලැබීම පාපයට අප විඳින දුක්වේදනා අනවශ්‍යයය: "නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන් වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ" (යෙසායා 53:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්ටිග් මාටා — එය කුමක්ද? එය බයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries