settings icon
share icon

2 වන තෙසලෝනික පොත ෙ

කර්තෘ: 2 වන තෙසලෝනික 1:1හි පෙන්වා දෙනු ලබන්නේ 2 වන තෙසලෝනික පොත ලියනු ලැබුවේ අපෝස්තුළු පාවුලූ බොහෝ දුරට සීලස් හා තිමොති හා සමගය.

ලියනු ලැබූ දිනය: 2 වන තෙසලෝනික පොත බොහෝ විට ක්‍රි. ව. 50–51 ත් අතර ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: තෙසලෝනික සභාවෙහි තවමත් ස්වාමින්වහන්සේගේ දවස පිළිබදව වැරදි වැටහීම් සමහරක් තිබිණ. ඔවුන් සිතුවේ එය දැනටමත් පැමිණ ඇති බවය, එහෙයින් ඔවුන්ගේ කටයුතු වල යෙදීම ඔවුන් නවතා දමා තිබිණි. ඔවුන් ඉතා බලවත් ලෙස කරනු ලැබූහ. පාවුලූ විසින් එම වැරදි වැටහීම් පහ කර දැමීමට මෙන්ම ඔවුන්ව සනසා ලීමට ඔහුගේ ලිපි ලියනු ලැබීය.

මූලික පද:
2 තෙසලෝනික 1:6–7, “කුමක් හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමග ඇවිලෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී දෙවියන් වහන්සේ නාඳුනන්ටත් අපගේ ස්වාමීවූ යේසුස් වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල”.

2 තෙසලෝනික 2:13, “නමුත් ස්වාමින්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන සහෝදරයෙනි ආත්මායණ් වහන්සේගේ පිරිසිදු කිරීමද සැබෑව ඇදහීමද කරණාකොටගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන් ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලා ගැන දෙවියන්වහ්න්සේට ස්තුති කරන්ට අපි බැදී සිටිමුව”.

2 තෙසලෝනික 3:3, “නමුත් ස්වාමින්වහන්සේ විශ්වාස සිටින සේක, උන් වහන්සේ නුඹලා ස්ථිර කොට නපුරාගෙන් ආරක්ෂා කරන සේක”.

2 තෙසලෝනික 3:10, “මක්නිසාද යමෙක් වැඩ කරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අප නුඹලා සමග සිටිද්දීම පවා නුඹලාට අණ කෙළෙමුව”.

කෙටි සාරංශය: පාවුලූ විසින් තෙසලෝනික සභාවට ආමන්ත්‍රණය කොට ඔවුන්ව ධෛර්‍යයවත් කරමින් අනුශාසනා දෙනු ලැබීය. ස්වාමින්වහන්සේ තුළ ඔවුන් කරන්නාවූ කාර්‍යයන් පිළිබද ඔහු ප්‍රශංසා කරනු ලබන අතර ඔවුන් ගැන ඔහු යාච්ඤා කළේය (2 තෙසලෝනික 1:11–12). 2 වන පරිච්ඡේදයේ පාවුලූ විසින් විස්තර කරනු ලබන්නේ ස්වාමින්වහන්සේගේ දවසේදී කුමක් සිදුවේද යන්නය (2 තෙසලෝනික 2:1–12). පාවුලූ ඉන් අනතුරුව ඔවුන්ට ශක්තිමත්ව සිටීමට ධෛර්‍යයවත් කරනු ලබන අතරම ඔවුන්ට අවවාද කරනු ලබන්නේ අලසව සිටින ශුභාරංචිය අනුව ජීවත් නොවන පුද්ගලයන්ගෙන් ඉවත් වන ලෙසත්ය (2 තෙසලෝනික 3:6).

සබඳතා: අවසාන කාලය පිළිබදව ඔහු කරන්නාවූ අනුශාසනාවේදී පාවුලූ පැරණි ගිවිසුමේ පාඨයන් කිහිපයකටම යොමු වන අතර පැරණි ගිවිසුමේ ප්‍රොපේතවරයන් හා සමග සමගි වීම පිළිබදව එයින් සහතික කරනු ලබයි. මෙම ලිපියෙහි සදහන් වන අවසාන කාලය පිළිබදව ඔහුගේ ඉගැන්වීම් බොහෝමයක්ම පදනම් වී ඇත්තේ ප්‍රොපේත දානියෙල් සහ ඔහුගේ දර්ශන පිළිබදවය. 2 තෙසලෝනික 2:3–9 හි ඔහු යොමු කරනු ලබන්නේ “පාපයෙහි මනුෂ්‍යයා” පිළිබද දානියෙල්ගේ අනාවැකිය කෙරෙහිය (දානියෙල් 7-8).

ප්‍රායෝගික උපයෝගය: 2 තෙසලෝනික පොත පුරාවටම තිබෙන්නේ අවසාන කාලය පිළිබදව විස්තර කෙරෙන තොරතුරුය. එතුළින් අනුශාසනා දෙනු ලබන්නේ අලස නොවී අපට ඇති කාර්‍යයන් වල යෙදෙන ලෙසය. වර්තමානයේ ඇදහිලිවන්තයන් පිළිබදව යාච්ඤා කරන්නේ කෙසේද යන්න නිදර්ශනය කරනු ලබන බලවත් යාච්ඤා කිහිපයක්ද 2 තෙසලෝනික පොතෙහි අන්තර්ගතවේ. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

2 වන තෙසලෝනික පොත ෙ
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries