settings icon
share icon

යොහාන් සුභාරංචිය

කර්තෘ: යොහාන් 21:20–24 හි කර්තෘන්ව විස්තර කරනු ලබන්නේ “යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා” ලෙස වන අතර ඓතිහාසාත්මක සහ අභ්‍යන්තර යන දෙආකාර හේතුන් කරණකොටගෙන මෙයින් වැටහෙන්නේ මොහු වූ කලී අපෝස්තුළු යොහාන් එනම් සෙබදීගේ එක් පුත්‍රයකු බවත්ය (ලුක් 5:10).

ලියනු ලැබූ දිනය: ක්‍රි. ව. 135 පමණ දිනැති ඇතැම් පැපිරස් ඛණ්ඩයන් කරණාකොටගෙන මෙම පොත ඊට ප්‍රථමයෙන් ලියවීල පිටපත්වී ඇති බවට අනාවරණය වේ. ඒ අතරතුර සමහරුන් විසින් විශ්වාස කරනු ලබන්නේ මෙය යෙරුසලමේ විනාශයට පෙර (ක්‍රි. ව. 70) ලියනු ලැබූ බව අතරම ක්‍රි. ව. 85–90 මෙය ලියවුනු බවට පිළිගත හැකි කාලයවේ.

ලිවීම්හි අභිමතාර්ථය: යොහාන් 20:31 හි උපුටා දක්වන අභිමතාර්ථය මෙසේය: “නමුත් මේවා ලියන ලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය” අනෙකුත් සංක්ෂිප්ත සුභාරංචි තුන මෙන් නොව යොහාන්නේ අභිමතාර්ථය නම් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කථාව පිළිබදව කාලානුක්‍රමික වෘත්තාන්තයක් ඉදිරිපත් කිරීමට නොව එනමුත් උන්වහන්සේගේ දේවත්වය විදහා දැක්වීමටය. යොහාන් විසින් සෙවීමට තැත් කළේ ඇදහිලිවන්තයන්ගේ දෙවන පරම්පරාවෙහි ඇදහිල්ල ශක්තිමත් කොට අන්‍යයන් තුළ ඇදහිල්ල ඇති කිරීමට පමණක් නොව ඔහු සෙවීමට තැත් කළේ පැතිරෙමින් තිබුණු සාවධ්‍යය ඉගැන්වීම් නිරවද්‍යය කිරීමටය. යොහාන් අවධාරණය කරනු ලැබුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ “දෙවියන්වහන්සේගේ පුත්‍රයා” සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේ සහ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයා බව වූයේ මනුෂ්‍යය වෙස් ගත් යේසුස්වහන්සේ තුළට “ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය” උන්වහන්සේගේ බව්තීස්මයේදී පැමිණ කුරුසිපත් වීමේදි උන්වහන්සේගෙන් ඉවත්වූ බවට තිබූ ඊට ප්‍රතිවිරුද්ධ වූ මතවාදය හේතුවෙනි.

මූලික පද:

යොහාන් 1:1,14: “පටන් ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. තවද වාක්‍යයාණෝ මාංසවත්වීල කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණවල අප අතරෙහි වාසය කළසේක. පියාණන්වහන්සේ වෙතින්වූ ඒක ජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.”

යොහාන් 1:29: “පසුවදා ඔහු තමා ලගට යේසුස්වහන්සේ එනවා දැක කතාකොට: අන්න, ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළුපැටියාණෝ.”

යොහාන් 3:16: “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”

යොහාන් 6:29: “යේසුස්වහන්සේ උත්තර දෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහා ගැන්මයැයි කීසේක.”

යොහාන් 10:10: "සොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය."

යොහාන් 10:28: “මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි, ඔව්හූ කිසි කළෙකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.”

යොහාන් 11:25–26: “යේසුස්වහන්සේ: නැවත නැගිටිමද ජීවනයද මමයග මා කෙරෙහි අදහාගන්නා මළ නමුත් ජීවත්වන්නේයග ජීවත්ව සිටින කවිරු නමුත් මා කෙරෙහි අදහන්නේදල ඔහු කිසි කලෙකත් නොනසින්නේයග ත්‍මික විශ්වාස කරනවාදැයි ඇයට කීසේක.”

යොහාන් 13:35: “නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නමි නුඹලා මාගේ ගෝලයන් බව එයින් සියල්ල දැන ගන්නවා ඇතැයි කීසේක.”

යොහාන් 14:6 "යේසුස්වහන්සේ ඔහුට කියන සේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය, මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැතග.”

යොහාන් 14:9: “යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: පිලිප් මා මෙපමණ කලක් නුඹලා සමග සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය. එසේ වී නම් පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනවැයි නුඹ කියන්නේ කෙසේද?”

යොහාන් 17:17: “සත්‍යයතාවයෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව.”

යොහාන් 19:30: “යේසුස්වහන්සේ කාඩි ගත්පසු තින්දුවුණේය කියා හිස නමා, තමන් ආත්මය භාරදුන් සේක.”

යොහාන් 20:29: “නුඹ මා දුටු බැවින් විශ්වාස කළෙහියල නුදුටු නමුත් විශ්වාස කළාවූ අය ආශිර්වාද ලද්දෝයැයි යේසුස්වහන්සේ කීසේක.”

කෙටි සාරංශය: යොහාන්ගේ සුභාරංචිය ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය ආදර්ශනය කිරීමටත් උන්වහන්සේගේ සේවය සන්නි දර්ශනය කිරීමට ලකුණු ලෙස තෝරා ගෙන ඇත්තේ හාස්කම් සතක් පමණි. මෙම ලකුණු සහ කථාන්තර වලින් සමහරක් සොයා ගත හැක්කේ යොහාන් පොතේ පමණකි. සුභාරංචි හතර අතුරින් වඩාත්ම දේවධාර්මික වන්නේ ඔහු වන අතරම බොහෝ විට ඔහු අනෙකුත් සුභාරංචි වල සදහක් සිද්ධීන් පිළිබද හේතු පහදා දෙනු ලබයි. ඔහු විසින් බොහෝ සෙයින් බෙදා ගනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් අනතුරුව එළඹෙන්නාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ සේවය පිළිබදවය. තමා පුන පුනා දක්වන්නාවූ සුභාරංචි තේමාව දක්වන ඇතැම් වචන හෝ වාක්‍යය ඛණ්ඩ යොහාන් විසින් නිතරම භාවිතා කරනු ලබයි: අදහන්න, සාක්ෂී දැරීම, සැනසිලිදායකයාණන්, ජීවනය – මරණය, ආලෝකය – අන්ධකාරය, මම යම්සේ සිටිම්ද එසේම සිටිමි (යේස්සුවහන්සේ, මම යම්සේ සිටිම්ද එසේම සිටින තැනන්වහන්සේ හා සේම– සහ ප්‍රේමය යනාදියයි.

යොහාන් සුභාරංචිය ක්‍රිස්තුස්වහන්සේව හඳුන්වා දෙනු ලබන්නේ උන්වහන්සේගේ උත්පත්තියේ සිට නොව පටන් ගැන්මේ සිට වචනය ලෙස වන අතර එතුමන්ගේ දේවත්වය කරණකොටගෙන මැවිලේලේ සෑම අංගයකම සම්බන්ධවී සිටිනු ලැබුවේ (1:1–3) පසුව උන්වහන්සේ මාංසමය බවට පත්වීමෙන් (1:14) නිර්මල සහ යාගය පිළිබද බැටළුපැටවාණන් ලෙස අපගේ පාපය ඉවත් කිරීමටය (යොහාන් 1:29). යොහාන් විසින් යොදා ගනු ලබන්නාවූ ආත්මික සංවාදයන් නම් යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ බව පෙන්වීමටත් (4:26) කුරුසිය මත උන්වහන්සේගේ පරාර්ථකෘත මරණය කරණකොටගෙන කෙනෙකු ගැළවීමට පැමිණෙන්නේ කෙසේද යන්න පහදා දීමටත්ය. (3:14–16) උන්වහන්සේ පුනපුනා යුදෙව් නායකයන්ව ප්‍රකෝප කරනු ලැබුවේ ඔවුන්ව නිවැරදි කිරීමෙන් (2:13–16); සබත් දින සුව කිරීමෙන් දෙවියන්වහන්සේට අයත් වන චරිත ලක්ෂණ වලට හිමිකම් පෑමෙනුත්ය (5:18; 8:56–59; 9:6, 16; 10:33). යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ව සූදානම් කරනු ලබන්නේ එතුමන්ට පැමිණෙන්නට යන්නාවූ මරණය සහ උන්වහන්සේගේ උත්ථානයෙන් සහ ස්වර්ගාරෝහණයෙන් පසුව ඔවුන්ගේ සේවය සදහාය (යොහාන් 14–17). ඉන්පසුව උන්වහන්සේ සිය කැමැත්තෙන්ම අප වෙනුවට කුරුසිය මත මැරෙනු ලබන්නේ (10:15–18), අපගේ පාපයේ ණය සම්පූර්ණයෙන් ගෙවීමෙන් (19:30) පාපයේ ගැළවුම්කරුවාණන් ලෙස උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනු ලබන කව්රු නමුත් ගළවනු ලබන පිණිසය (යොහාන් 3:14–16). ඉන් අනතුරුව උන්වහන්සේ නැවත නැගිටුනු ලබන්නේ ඉතා මහත් ලෙස අනුමාන කරනු ලබන උන්වහන්සේගේ ගෝලයන්ට තමන්වහන්සේ දෙවියන්වහන්සේ සහ ස්වාමියා බවත් ඒත්තු ගන්වනු පිණිසය (20:24–29).

සබඳතා: යේසුස්වහන්සේ පැරණි ගිවිසුමේ දෙවියන්වහන්සේ ලෙස යොහාන්ගේ නිරූපණය ඉතා ප්‍රබල ලෙස යේසුස්වහන්සේ විසින් කළ මම යම්සේ සිටිම්ද එසේම සිටිමි යනුවෙන් සත් වරක් කළ ප්‍රකාශනය තුළින් දක්නට ලැබේ. පාළුකරයේ ඉශ්‍රායලිතයන්ව පෝෂණය කිරීමට උන්වහන්සේ මන්නා ස්වර්ගයේ සිට එවනු ලැබුවා හා සේම (නික්මයාම 16:11–36) උන්වහන්සෙගේ සෙනගගේ ආත්ම පෝෂණය කිරීම පිණිස දෙවියන්වහන්සේ විසින් සපයා දෙනු ලැබූ ජීවනදායක කෑම (යොහාන් 6:35) නම් උන්වහන්සේය. යේසුස්වහන්සේ ලෝකයේ ආලෝකයය (යොහාන් 8:12), පැරණි ගිවිසුමේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට පොරොන්දුවූ එම ආලෝකයම (යෙසායා 30:26, 60:19–22) සහ නව යෙරුසලමෙහි බැටළුපෝතකයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ එහි ආලෝකය වීම කරණකොටගෙන එහි සංක්‍රාන්තිය සම්බවේ (එළිදරව් 21:23). මම යම්සේ සිටිම්ද එසේම සිටිමි යන ප්‍රකාශන වලින් දෙකක් යොමුවන්නේ යේසුස්වහන්සේ යහපත් එඞේරා සහ බැටළුවන්ගේ දොරටුව යන දෙආකාරයෙන්ම සිටීම හේතුවෙනි. යේසුස්වහන්සේ පැරණි ගිවිසුමේ දෙවියන් වහන්සේ, ඉශ්‍රායෙල්හී එඞේරා (ගීතාවලිය 23:1, 80:1; යෙරමියා 31:10; එසකියෙල් 34:23) බැටළු ගාලෙහි දොරටුවල ගැළවීමට ඇති එකම මාර්ගය ආදියට ඇති පැහැදිලි නිර්දේශයන් මේවාය.

යුදෙව්වන් නැවත නැගිටීම පිළිබද විශ්වාස කළ අතරම සත්‍යය වශයෙන්ම කිවහොත් ඔවුන් මතවාදයන් භාවිතා කළේ කූටෝපකාරී ලෙස යේසුස් වහන්සේට විරුද්ධව භාවිතා කළ හැක ප්‍රකාශන ලබා ගනු වස්ය. ලාසරුස්ගේ සොහොන අභියස උන්වහන්සේ විසින් කරනු ලැබූ ප්‍රකාශනය එනම් නැවත නැගිටීමද ජීවනයද මමය (යොහාන් 11:25) යන්න ඔවුන්ව විශ්මයට පත් කරනු ලබන්නට ඇත. නැවත නැගීටීමට හේතුව සහ ජීවනය සහ මරණයට ඇති බලයෙහි අයිතිකරු ලෙසට උන්වහන්සේ හිමිකම් කිවූ සේක. දෙවියන්වහන්සේ හැර වෙන කිසිවකුට එසේ කිසිඳු දෙයකට හිමිකම් කිව නොහැකිවේ. එපරිද්දෙන්ම මාර්ගයද, සත්‍යයද ජීවනයද (යොහාන් 14:6) ලෙස උන් වහන්සේගේ හිමිකම් කීම ඉතා පැහිදිලි ලෙස උන්වහන්සේව පැරණි ගිවිසුමට සම්බන්ධ කරනු ලැබේ. යෙසායා 35:8 හි අනාවැකි පවසා ඇති අන්දමට උන් වහන්සේ ශුද්ධත්වයේ මාර්ගය වේ; උන්වහන්සේ සෙකරියා 8:3 හි සත්‍යයේ නගරය ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ උන්වහන්සේම සත්‍යය වන අතර යෙරුසලමෙහි සිට උන්වහන්සේ තම අපොස්තුළුවන් හා සමග සුභාරංචියේ සත්‍යයන් දේශනා කරනු ලැබූ සේක; ජීවනය ලෙස උන්වහන්සේගේ දේවත්වය, ජීවනයේ මැවුම්කරු සහ මාංශමයවූ දෙවියන්වහන්සේ ලෙස තහවුරු කරනු ලබයි (යොහාන් 1:1–3). අවසානයේදී සැබෑ මිදිවැල (යොහාන් 15:1, 5) ලෙස යේසුස්වහන්සේ තමන්වහන්සේව ඉශ්‍රායෙල් ජනතාව හා සමග හඳුනා ගනු ලබන්නේ ස්වාමින්වහන්සේගේ මිදිවත්ත ලෙස පැරණි ගිවිසුමේ පාඨයන් කිහිපයක නම් කරනු ලබන හෙයිනි. උන්වහන්සේ ඉශ්‍රායෙල්හී මිදිවත්තෙහි සැබෑ මිදිවැල ලෙස නිරූපණය කරනු ලබන්නේ සැබැවූ ඉශ්‍රායෙල්හී ස්වාමින්වහන්සේ ලෙස වන අතර උන්වහන්සේ වෙතට ඇදහිල්ලෙන් එනු ලබන්නන් හෙයිනි. මන්ද ඉශ්‍රායෙල් පරම්පරාවෙන් පැවතෙන සියල්ලන් ඉශ්‍රායෙලිතයන් නොවේ (රෝම 9:6).

ප්‍රායෝගික උපයෝගය: යොහාන්ගේ සුභාරංචිය තුළෙහි නොකඩවාම ධර්ම ප්‍රචාරය සම්පූර්ණ කිරීමේ අභිප්‍රාය සදහා අවශ්‍යය වන ඵලදායි තොරතුරු අඩංගුවේ. (බොහෝ අය නිසි ලෙස තේරුම් ගෙන නොතිබුනත් සමහර විට යොහාන් 3:16 ඉතාමත් හොදින් දන්නාවූ පදය විය හැක) එසේම එය නිතරම බයිබල් පාඨමාලා වල භාවිතා කරනු ලබයි. වාර්ථා කරනු ලැබ ඇති මුණගැසීම් වල එනම් යේසුස්වහන්සේ සහ නිකදේමුස් මෙන්ම සමාරියේ ස්ත්‍රිය (පරිච්ඡේද 3–4) අපට යේසුස්වහන්සේ විසින් කරනු ලැබූ පුද්ගලික ධර්ම ප්‍රචාරය පිළිබද ආදර්ශයක් අපට ඉගෙන ගත හැක. උන්වහන්සේගේ මරණයට ප්‍රථමයෙන් උන්වහන්සේගේ ගෝලයන්ට දෙනු ලැබූ සහනදායි වචන (14:1–6,16, 16:33) ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ප්‍රේමවන්තයන් මිය ගිය අවස්ථාවලදී විටදී පවා විශාල සහනයක් බවට පත් වන්නේ 17 වන පරිච්ඡේදයේ සදහන් වන උත්තම පූජකයාගේ යාච්ඤාව හේතුකොටගෙනය. ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය අරභයා යොහාන්ගේ ඉගැන්වීම් (1:1–3,14; 5:22–23; 8:58; 14:8–9;20: 28) යේසුස්වහන්සේ දෙවියන්වහන්සේට වඩා පූර්ණත්වයෙන් අඩු යයි දකිනු ලබන අභිවාදනයන්ගේ සාවද්‍ය ඉගැන්වීම් වලට එරෙහිව ක්‍රියා කිරීමට බෙහෙවින් උපකාරීවේ. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

යොහාන් සුභාරංචිය
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries