settings icon
share icon

ලෙවී කථාව

කර්තෘ: ලෙවී කථාවෙහි කර්තෘ මොසෙස් තුමාය

ලියනු ලැබූ කාලය: එය ලියනු ලැබුවේ ක්‍රි. පූ.1440 හා 1400 කාල පරිච්ඡේදයේදීය

ලියනු ලැබූ කාරණය: සැබවින්ම මෙය ලියනු ලැබුවේ, අවුරුදු 400 ක් පමණ ඊඡිප්තුවේ වහල් සේවයෙහි ඊශ්‍රායෙල් ඡනයා සිටි බැවින් දෙවියන් වහන්සේ යන දේව සංකල්පය ඔවුන් විකෘති කොට, ඊඡිප්තුවන් එය මිත්‍යාදුෂ්ඨික දේව සංකල්පයක් බවට පත් කළෝය. ලෙවී කථාව සැබවින්ම ලියනු ලැබූ හේතුව නම් කෙසේ හෝ දෙවියන් වහන්සේ සමඟ ශුද්ධ වූ සබඳතාවක් ගොඩනඟා ගෙන සිටි සෙනඟට සිය ඡීවිතයට අවවාද හා අනුශාසනා හා පාපාකාරී ඡීවිතයෙන් වැළකී සිටීමට දුන් නීතිමාලාවකි. ලෙවී කථාවේ අවධාරණය කොට ලියා ඇත්තේ දෙවියන් වහන්සේ තුළ පෞද්ගලික ශුද්ධ භාවයක් තිබීම පිළිබඳවයි. පාප වලට සමාව ලබෙන්නෙ අප නිවැරදි වූ කැප කිරීම් සිදු කළහොත් පමණි (පරිච්ඡේද 8-10) අනෙකුත් මාතෘකා නම් පිරිසිදු හා අපිරිසිදු ආහාර, දරුවන් ඉපදීම් හා පාලනය කළ යුතු ලෙඩ රෝග පිළිබඳවයි. (පරිච්ඡේද11-15) 16 වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ වාර්ශික පුද පූඡා සමඟිකම් කිරීමේ දවසේ දී සිදු විය යුතු ආකාරය පිළිබඳවයි. එසේම දේව ඡනතාව පෞද්ගලික ඡීවිතය තුළ, මානසික හා සමාඡික ඡීවිතය හා මිත්‍යාදුෂ්ඨිකයන් පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය (පරිච්ඡේද17-22).

ප්‍රධාන පදයන්:
ලෙවී කථාව 1:4, ඔහුද මාගේ අත දවන පූඡා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.

ලෙවී කථාව 17:11, මක්නිසාද මංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූඡාසනය පිට සමඟිකම් කරන පිණිස නුඹලාට නියම කෙරෙමියි

ලෙවී කථාව 19:18, පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුදධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරපන්න.

කෙටි සාරාංශයක්: ගිහි පැවිදි පාර්ශව දෙකෙන්ම සිදු වි යුතු පරිත්‍යාග ගැන පරිච්ඡේද 1-7 දක්වා සඳහන් වී තිබේ. පරිච්ඡේද 8-10 දක්වා ආරොන්ගේ පුතුන්ව පැවිදි ඡීවිතයට කැපකිරීම ගැන සඳහන් වේ. පරිච්ඡේද 11-16 දක්වා විවිධ වූ අපිරිසිදුකම් වලට නියෝග හා අනුශාසනා සඳහන් වේ. අවසන් පරිච්ඡේද10 හි සඳහන් වන්නේ දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේගේ ඡනතාවට ශුද්ධ කමට ගෙන ඒම පිණිස දුන් අවවාදයි. යෙහෝවා දෙවියන් වහන්සේව නමස්කාර කිරීම පිණිස එදා ඡනයා බොහෝ ලෙස දෙවියන් වහන්සේගේ අණට කීකරු වුණෝය (පරිච්ඡේද 26). ආශිර්වාද හා ශාපයන් අපට ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ ආඥාවල පැවතීමෙන් හා නෙරපා හැරීමෙන්ය. දෙවියන් වහන්සේගේ පොරොන්දු ගැන සඳහන් වන්නේ 27 වන පරිච්ඡේදයේය.

ලෙවී කථාවෙහි ප්‍රධාන තේමාව නම් ශුද්ධභාවයයි. අප එක් එක් කෙනොගේ පෞද්ගලික ශුද්ධභාවය මත දෙවියන් වහන්සේගේ ශුද්ධභාවය මත දෙවියන් වහන්සේ අපඟෙන් ඉල්ලයි. මේ හා සමාන පදනම නම් ප්‍රයශ්චිත්තයයි. දෙවියන් වහන්සේට ප්‍රථම ශුද්ධභාවය තිබිය යුතු අතර ශුද්ධභාවය ලබා ගත හැක්කේ මනා ප්‍රයශ්ච්ත්තයකින් පමණි.

අනාගතවාක්‍ය: යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නමස්කාර කරන බොහෝ දෙනා උන් වහන්සේගේ පින්තාරූ වලට නමස්කාර කිරීමට පුරුදු වී ඇත. හෙබ්‍රෙව්10 පවසන්නේ මෝසෙස්ගේ නීතිය එන්නාවූ දේ පිළිබඳව සෙවනැල්ලකි පමණයි යනුයි. එනම් දිනපතා දෙවියන් වහන්සේ ඉදිරියට ගොස් පූඡකතුමන් විසින් සිදු කරනු ලැබූ පරිත්‍යාග යේසුස් වහන්සේ විසින් පරම පරිත්‍යාගය ලෙස සිදු කළේය, එනම් යේසුස් වහන්සේව අදහාගන්නා සියළු දෙනාට ඒ ආශිර්වාදය ලැබෙන බවය.

අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ කමා වන පිණිස පාපයක් නොදත්තාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට සැළැස්වූ සේක.

ප්‍රායෝග්ක භාවිතය: දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ශුද්ධභාවය උතුම් කොට සැළකු සේක. අද සමාඡයේ හා සභාවෙහි තත්වය නම් අප දෙවියන් වහන්සේව අපගේ මනසින් තනාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත නොව අපගේ කැමැත්ත දෙවියන් වහන්සේ තුළ සිදු වනවාටය.

ශුභාන්විත එකම අධිපතියාණන් වහන්සේ වන රඡවරුන්ගේ රඡව ස්වාමි වරුන්ගේ ස්වාමිව සිටින එකම අමරණිය වූ කිසිවෙකුට ලඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ කිසි මනුශ්‍යයෙකු විසින් නුදුටු වා වූ දකින්නටත් බැරී වූ තැනැන්වහන්සේ (1 තිමෝති 6:16) මෙය බොහෝ කිතුනුවන්ට විදේශීයව පවති. දෙවියන් වහන්සේ අපට දී ඇති අඥාව නම් ආලෝකයේ හැසිර අන්ධකාරයෙහි ඇවිද, අපගේ ඡීවිත උන් වහන්සේගේ ඇස් මානයේ හරීව තිබෙන දේ කර ප්‍රසන්නව සිටීමයි. ශුද්ධ වූ දෙවිකෙනෙකුට තම ඡනතාවගේ අශෝබන පාපය දෙස බලා සිටිය නොහැකි අතර උන් වහන්සේ සැමවිට තමන්ගේ ශුද්ධකමෙන් ඔවුන්ට දඬුවම් දීමට නොපැකිළෙයි. අප දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලක් ලෙස අපගේ වාචාලකම නොපෙන්වීමට අභියෝගයක් කර ගත යුතුය.

දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ යුත්තේ යේසුස් වහන්සේගේ කැපකිරීම හා උන් වහන්සේගේ මරණයෙන් අපට තවත් සතුන් පූඡා කිරීම් අවශ්‍ය නොවන බවය. ලෙවී කථාව සැබවින්ම ආදේශ කිරීම් සම්බන්ධවය. සතුන් පූඡා කිරීම පාපයෙන් සමාව ලබා ගැනීමට ආදේශ කිරීමකි. එය බොහෝ කොට යේසුස් වහන්සේ අප උදෙසා කුරුස ගසෙහි කළ පූඡාව හා සමානය. දැන් අපට දෙවියන් වහන්සේ ඉදිරියෙහ් දෙපයින් නැගිටීමට හැකි වන්නේ උන් වහන්සේ යේසුස් වහන්සේගේ මරණය කරණකොටගෙන අපව ධර්මිෂ්ඨ කර තිබෙන බැවින්ය.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

ලෙවී කථාව
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries