settings icon
share icon

එසකියෙල් පොත

කර්තෘ: එසකියෙල් පොතෙහි කර්තෘන් දිවැසිවර එසකියෙල්ය. (එසකියෙල් 1:3) ඔහු යෙරමියා සහ දානියෙල්ගේ සමකාලීනයෙක් වූයේය.

ලියනු ලැබූ දිනය: එසකියෙල් පොත බොහෝ දුරට ක්‍රි. පූ. 593 ත් 565 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: බලවත් ලෙස පව්කාරීවූ සහ මුළුමනින්ම නිරපේක්ෂකවූ පරම්පරාවට එසකියෙල් උපස්ථාන කළේය. ඔහුගේ අනාවැකිමය සේවය අනුසාරයෙන් ඔවුන්ව අප්‍රමාද පශ්චාතාපවීමකට ගෙන ඒමට සහ ඉතා නුදුරු අනාගතයේදී නිශ්චයකට ගෙන ඒමට ඔහු ප්‍රයත්න දැරුවේය. ඔහු විසින් උගන්වනු ලැබුවවේ (1) දෙවියන්වහන්සේ මනුෂ්‍යය පණිවුඩකරුවන් තුළින් ක්‍රියා කරනු බවත්; (2) පරාජයේදී සහ බලාපොරොත්තු නොමැති වීමේදී දෙවියන්වහන්සේගේ සෙනග උන්වහන්සේගේ ශ්‍රේෂඨත්වය තහවුරු කරගත යුතු බවත්; (3) දෙවියන්වහන්සේගේ වචනය කිසිදා නිශ්ඵල නොවන බවත්; (4) දෙවියන්වහන්සේ විද්‍යාමාන හෙයින් ඕනෑම ස්ථානයකදී නමස්කාර කළ හැකි බවත්; (5) සෙනග ආශිර්වාද අපේක්ෂා කරන්නේ නම් දෙවියන්වහන්සේට කීකරු විය යුතුය; (6) දේව රාජ්‍යය පැමිණෙන බවත්ය.

මූලික පද:

එසකියෙල් 2:3–5, “මනුශ්‍යය පුත්‍රය මට විරුද්ධව කැරළි ගැසුවාවූ කැරළිකාර ජාතීන් වන ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට නුඹ යවමි; නුඹද: ස්වාමින් වහන්සේ මෙසේ කියන සෙකැයි ඔවුන්ට කියාපන්න. ඔවුන් කැරළිකාර වංශයක් බැවින්, ඔවුන් අසතත් නොඅසතත් තමන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැන ගන්නවා ඇත.”

එසකියෙල් 18:4, “බලව සියලූම ප්‍රාණ මට අයිතියත පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව් කරන ප්‍රාණයම නසින්නේය.”

එසකියෙල් 28:12–14, “නුඹ සම්පූර්ණකම මුද්‍රකරන්නාව ප්‍රඥාවෙන් පිරීල අලංකාරකමින් සම්පූර්ණව සිටින්නෙහිය. නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හී සිටියෙහිය; සියලූ අනර්ඝ ගල් වන ලෝහිතංකදල පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණිද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය. නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරන ලද්දේය. නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයේය. මම නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධවූ කන්දෙහි සියෙවුවෙමි. නුඹ ගිනි ඇවිලෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය.”

එසකියෙල් 33:11; “මා ජීවමාන බව සැබෑවා සේම දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියන සේක. ඉශ්‍රායෙල් වංශය හැරියල්ලා, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරියල්ලා. නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියාපන්න.”

එසකියෙල් 48:35, “ඒ දවසේ පටන් නුවර නාමය යොහෝවා – ෂාමා වන්නෙයයි කීසේක.”

කෙටි සාරංශය: නොමග ගියාවූ ලෝකයක් සාර්ථකව හසුරුවන්නේ කෙසේද? වසය අවුරුදු තිහේදී තම ජීවිතයේ සේවය පූජකවරයෙකු ලෙස නියමිත වූ එසකියෙල්ව තමාගේ වාස භූමියෙන් මුලිනුපුටා දමා වසය අවුරුදු විසිපහේදී බබිලෝනියට ගෙන යන ලදී. වසර පහක් ඔහු කිසිඳු බලාපොරොත්තුවක් නොමැතිව නිකරුණේ කල් ගෙවන ලදී. වසය අවුරුදු තිහේද බබිලෝනියේ ඔහුගේ පැවැත්ම යාවේ දෙවියන්වහන්සේ පිළිබද තේජාන්විත දර්ශනය තුළින් සිත් ඇදගනු ලැබිණ. පූජකයා නොහොත් දිවැසිවරයා විසින් අනාවරණය කර ගනු ලැබුවේ දෙවියන්වහන්සේ එසකියෙල්ගේ ජන්ම භූමියේ පටු හිරවීම් වලට සීමා වී නැති බවය. ඒ වෙනුවට උන්වහන්සේ මනුෂ්‍යයන් සහ ජාතීන්ට අණ දෙන සහ පාලනය කරනු ලබන සර්වත්‍ර දෙවියන්වහන්සේය. බබිලෝනියේදී දෙවියන්වහන්සේ සෙනගට දිය යුතු වචනය එසකියෙල්ට දැනුම් දුන් සේක. උන්වහන්සේගේ කැදවීමෙන් වූ අත්දැකීම එසකියෙල්ව පරිණාමනය කරනු ලැබීය. ඔහු දෙවියන්වහන්සේගේ වචනයට තද ආශාවකින් කැප වුණි. ඔහු විසින් අවබෝධ කර ගනු ලැබුවේ බන්ධනයට අසු වූවන්ගේ අමිහිරි තත්වයට සහය වනු වස් ඔහු සතුව පෞද්ගලිකව කිසිවක් නොමැති වූවත් ඔහු ඒත්තු ගත්තේ දෙවියන්වහන්සේගේ වචනය ඔවුන්ගේ තත්වයට කථා කළ බව සහ ඔවුන් ජය හැකි වන්නේද එයම බවය. දෙවියන්වහන්සේගේ වචනය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කිරීම සදහා එසකියෙල් විවිධ ක්‍රමවේද භාවිතා කළේය. යෙරුසලමේ සංවර්ණනය චිත්‍රයට නැගීම පිණිස ඔහු චිත්‍ර කලාව භාවිතා කළ අතරම සංකේතාත්මක ක්‍රියා සහ අසාමාන්‍ය හැසිරීමද භාවිතා කලේ අවධානය රක්ෂා කරගනු වස්ය. යෙරුසලම සහ එහි වැසියන්ට දෙවියන්වහන්සේ කිරීමට යන දේ ආදර්ශණය කරනු පිණිස ඔහු ඔහුගේ හිසකෙස් සහ රැවුල කපා දැමුවේය.

එසකියෙල් පොත කොටස් 4කට බෙදා වෙන් කළ හැක.

1–24 දක්වා පරිච්ඡේදයන්: යෙරුසලමේ ව්‍යසනය පිළිබදව අනාවැකි

25–32 දක්වා පරිච්ඡේදයන්: අසල්වැසි ජාතීන් කෙරෙහි දෙවියන්වහන්සේගේ විනිශ්චය පිළිබද අනාවැකි

33 වන පරිච්ඡේදය: ඉශ්‍රායෙල් ජාතියට පශ්චාතාපවීමට දුන් අවසාන කැදවීම

34–48 දක්වා පරිච්ඡේදයන්: ඉදිරියේදි ඉශ්‍රායෙල් ජාතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම අරභයාවූ අනාවැකි

ලකුණු පහල වීම්: එසකියෙල් 34 වූ කලී සෙනග කෙරෙහි වූ ඉතාමත් අඩු සැලකිල්ල හේතුකොටගෙන ඉශ්‍රායෙල් නායකයන් ව්‍යාජ එඞේරන් ලෙස දෙවියන්වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ පරිච්ඡේදයවේ. ඉශ්‍රායෙල් බැටළුවන්ට සලකනු වෙනුවට ඔවුන් ඔවුන්ටම සලකා ගත්හ. ඔවුන් ඉතා හොද ආහාර අනුභව කළහ, ඉතා හොදින් හැද පැළද සිටි මෙන්ම ඔවුන්ගේ රැකවරණය තුළ තබා සිටියවුන්ටම මෙවන් පිරිසකට සැලකීමට සිදුවුනි. (එසකියෙල් 34:1–3) ඊට ප්‍රතිවිරුද්ධ ලෙස තම බැටළුවන් වෙනුවෙන් දිවි පුදා රැළ විනාශ කරන්නට තැත් කරන්නාවූ වෘකයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගන්නාවූ යහපත් බැටළු එඞේරා නම් යේසුස්වහන්සේය. (යොහාන් 10:11–12). 34 වන පරිච්ඡේදයේ 4 වන පදයේ විස්තර කරනු ලබන්නේ එඞේරුන් විසින් ඔවුන්ගේ දුර්වලතාවයන්, රෝගී තත්වයන්, තුවාල වූවන් සහ නැතිවූ තත්වයන් කරණකොටගෙන උපස්ථානය කිරීමට අපොහොසත් වූ සෙනග පිළිබදවය. කුරුසිය මතවූ මරණය කරණකොටගෙන අපගේ ආත්මික තුවාල සුව කරනු ලබන්නාවූ ඉතා මහත් වෛද්‍යවරයාණන් නම් යේසුස්වහන්සේය. (යෙසායා 53:5) නැති වූවන් සොයා ගළවා ගනු ලබන්නාවූ තැනැත්තේ උන්වහන්සේය (ලුක් 19:10).

ප්‍රායෝගික උපයෝගය: එසකියෙල් පොත තුළින් අපව කැදවනු ලබන්නේ ආබ්‍රහම්ගේ, මෝසෙස්ගේ සහ අනාගතවතෘන්ගේ දෙවියන්වහන්සේ හා සමග මුණ ගැසීමකට සහභාගි වන ලෙසය. අප ජයගන්නෝ විය යුතුය එසේ නොමැති නම් අප කෙරෙන් ජය ගනු ලැබේ. එසකියෙල් විසින් අපට අභියෝග කරනු ලබන්නේ: අපගේ ජීවිත වෙනස් කිරීමට දර්ශනයක් ඇති දෙවියන් වහන්සේගේ බලය, දැන්ගැන්ම, සදාකාල අභිමුඛත්වය සහ ශුද්ධකම අත් දකින ලෙසටත්; දෙවියන්වහන්සේට අපට මග පෙන්වන්නට ඉඩ හරින ලෙසත්; සෑම මනුෂ්‍යය හදවතකම ලැගුම් ගනු ලබන දුෂ්ටකමේ ගැඹුර සහ කැපවිම වටහා ගන්නා ලෙසත්ත දුෂ්ට මිනිසුන්ට අත්වන උපද්‍රවය පිළිබදව අනතුරු ඇගවනු පිණිස තම සේවයන්ට වග කීමක් ඇති බව දෙවියන්වහන්සේ ධාරණය කරන බව හඳුනාගැනීමටත්; තමන්ගේ ලේ තුළ නව ගිවිසුමක් ඇති බව පැවසූ යේසුස්ක්‍රිස්තුස්වහන්සේ හා සමග ජීවමාන සබදතාවයක් අත්දැකීම පිණිසත්ය. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

එසකියෙල් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries