settings icon
share icon

යෝවෙල් පොත

කර්තෘ: යෝවෙල් පොත පවසන්නේ එහි කර්තෘ අනාගතවාකෘත යෝවෙල් තුමා බවය. (යෝවෙල්1:1)

ලියනු ලැබූ කාලය: යුදා පොතෙහි ආරම්භය සැබවින්ම ආරම්භ වන්නේ පළගැටියන්ගේ කුරිරු කරදරයත් සමඟමය. මෙම පළගැටියන්ගේ ආක්‍රමණය සෑම විනාශයකටම එනම් ධාන්‍ය හා මිදිඵලය ද විනාශ විය. යෝවෙල් මෙම පළගැටියන් සංකේතවත් කරනු ලබන්නේ සිය ඡාතිය කෙරෙහි පාපය නිසා පැමිණෙන්නට යන්නාවූ විනිශ්වය වැනි වූ මිනිස් හමුදාවක් ලෙසය. මෙම පොත ප්‍රධාන වූ කොටස් දෙකකට වෙන කර ඇත. එනම් පළගැටියන්ගේ ආක්‍රමණය හා ශුද්ධාත්ම වැගිරීමයි. මෙහි සම්පූර්ණ වීම සඳහන් වන්නේ ක්‍රියා 2 හි පෙන්තකොස්ත දවසේ පේත්‍රස්ගේ හැසිරීමත් සමඟය.

ලියනු ලැබූ කාලය: යෝවෙල් පොත ලියවී ඇත්තේ ක්‍රි. පූ. 835 ත් 800 අතරය.

යෝවෙල්1:4, පළගැටි පණුවන් ඉතිරි කළ ඒවා පළගැටියෝ කෑවේය. පළගැටියන් ඉතිරි කළ ඒවා කෙඳි පළගැටියන් කෑවෝය. කෙඳි පළගැටියන් ඉතිරි කළ ඒවා කපන පළගැටියෝ කෑවෝය.

යෝවෙල් 2:25, මා විසින් නුඹලා අතරට එව්වාවූ මාගේ මහත් සමුදාව වන පළගැටියන් ද කෙඳි පළගැටියන් ද කපන ලද පළගැටියන් ද පළගැටි පණුවන් ද නාස්ති කළාවූ අවුරුඳු මම නුඹලාට නැවත දෙන්නෙමි.

යෝවෙල් 2:28, ඉන්පසු මංසමය වූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝ ද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය. නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය. නුඹලාගේ යෞවනයන්ට දර්ශන පේනවා ඇත.

කෙටි සාරාංශය: ඉතා දරුණු වූ පළගැටියන් පොළොවෙහි දෑඩි සාගතයක් කරනවා ඇත. යෝවෙල් මෙම සිද්ධීන් යුදා ඡනයාට අනතුරු ඇඟවීමට භාවිත කළේය. මොහු පැවසුයේ ඡනයා පව් කමාව ලබා පශ්චාත්තාප නොවුණොත් පළගැටියන් සේම සතුරු හමුදාව පොලොව විනාශ කරන බවය. යෝවෙල් යුදා දේශයේ සිටි සියළු ඡනයාට හා පූඡකයින්ට පැවසුවේ නිරාහාරව හා යටහත්ව සිට දෙවියන්වහන්සේගේ සමාව ලබා ගන්නා ලෙසයි. ඔවුන් එසේ කළහොත් ඔවුන්ව අළුත් කර නැවත ආත්මික ආශිර්වාද වලින් දේශය පුරවන බවය. නුමුත් දෙවියන්වහන්සේ පැමිණෙන දවසක් තිබේ. ඒ දවසේ දී මෙම පළගැටියන් කුඩා මදුරුවන් සේ මුළු ලෝකය පුරා සිය විනිශ්චය ලබා දෙන බවය.

යෝවෙල් පොතෙහි සඳහන් වන අතිආක්‍රමණික තේමාව නම් දෙවියන් වහන්සේගේ දවසේදී සිදුවන්නාවූ දෙවියන්වහන්සේගේ කෝපය හා විනිශ්චයයි. මෙම දවස නම් දෙවියන්වහන්සේගේ විනිශ්චය හා කෝපය පෙන්වීම හා බලය ද ශුද්ධකම ද පෙන්වීමේ දවස වන අතර මෙය දෙවියන්වහන්සේගේ සතුරන්ට ඉතා නපුරු වන දවසක්ය. පළමුවන පරිච්ඡේදයේ දෙවියන්වහන්සේගේ විනිශ්චය දවස පළගැටියන්ගේ අක්‍රමණය තුළින් පෙන්වයි. පරිච්ඡේද 2:1-17 පරිවර්ථනය වන්නාවූ පරිච්ඡේද පෙළක් වන්නෙ යෝවෙල් පළගැටියන්ගේ උපමා රුපකය දිගහැර එය ඡනතාචට පසුතැවිලි වීමේ අවස්ථාවක් කරා ගෙන ගියේය.

පරිච්ඡේද 2:18-3:21 දක්වා දෙවියන්වහන්සේගේ දවසේදී උන්වහන්සේ මරණය සම්බන්ධව ඇති ප්‍රශ්න වලට පිළිතුරු දීම හා ඒ තුළින් නැවත පසුතැවිලි වීමට ආරාධනා ද ශාරීරික ව නැවත උත්පාදනය වීමට ද (2:21-27) ආත්මිකව නැවත උත්පාදනය වීමට ද (2:28-32) හා ස්වභාවික ලෙස නැවත උත්පාදනය වීමට ද අපට ආරාධනා කරයි (3:1-21).

අනාගතවාක්‍ය: පැරණි ගිවිසුමෙහි පාපයට විනිශ්වය ගැන කියවෙන සෑම අවස්ථාවකම එනම් එකිනෙකාව හෝ ඡාතික වශයෙන් කර ඇති පව්වලින් අපට පෙන්වා දෙන්නේ හා අනාගතවාකයෙන් පවසන්නේ යේසුස්වහන්සේගේ පැමිණීම ඉතා ආසන්න බවය. පැරණි ගිවිසුමෙහි සියළු අනාගතවාකෘද වරුන් ඡනයාට තම පාපයන්ගෙන් හැරෙන්නට කීවත් නුමුත් ඔවුන් එසේ කළත් එය නීතියකටත් යම්කිසි වැඩකටත් සීමා විය. ඔවුන් පල්ලියේ ඉඳහිට කරන පූඡාව සැබැවටම යේසුස්වහන්සේ සිඳු කළ පූඡාවෙහි සෙවනැල්ලක් හා සමානය (හෙබ්‍රව්10:10) යෝවෙල් අපට පවසන්නේ අවසාන වූ විනිශ්වය දෙවියන්වහන්සේගේ දවසේදී ළඟා වන බවය. එය මහත් හා දරුණු වන අතර එය කිසි කෙනෙකුට ඉවසිය නොහැක. (යෝවෙල් 2:11) පිළිතුර නම් අපට තනිවම මෙම සිඳුවීම දරා ගැනීමට නොහැකිය. නුමුත් අප අපගේ ඇදහිල්ල යේසුස්වහන්සේ මත තැබුවොත් එම දවසට අපට කිසිසේත් භිය විය යුතු නැත.

ප්‍රායේගික භාවිතය: පසුතැවිලිවීමෙන් තොරව විනිශ්චය ඉතා ගැඹුරු විය හැක. අපගේ විශ්වාසය අපගේ රැකියා තුළ නොව දෙවියන්වහන්සේ තුළ තිබිය යුතුය. දෙවියන්වහන්සේ විටෙකදී ස්වාභාවිම දේ මෙන්ම දුක හා බොහෝ සුලබ දේ තුළින් අපව උන්වහන්සේ වෙතට ළං කර ගනියි. නුමුත් උන්වහන්සේගේ කරුණාව හා අනුහ්‍රහය තුළින් උන්වහන්සේ අපගේ ගැළවීමට සුදුසු සැළැස්මක් යොදා ඇත. ඒ තුළින් උන්වහන්සේගේ සම්පූර්ණ ධර්මිෂ්ඨකමට අපව ළං කරයි. (2 කොරින්ති 5:21) නැතිවීමට කාලයක් නොමැත.

දෙවියන්වහන්සේගේ විනිශ්වය ඉතා වේගයෙන් හොරෙකු සේ පැමිණෙනු ඇත. (1 තෙසලෝනික5:2) අප සුදානම් විය යුතුය. අද නම් ගැළවීමේ දවසය. (2 කොරින්ති 6:2) උන්වහන්සේ සම්බවෙන්ට තිබෙද්දී උන්වහන්සේ සොයා උන්වහන්සේ ළංව සිටිද්දී යන්වහන්සේට යාච්ඤා කරපල්ලා. ස්වාමින් වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පා කරනාවා ඇත. (යෙසායා 55:6-7) දෙවියනවහන්සේ ගැළවීම තුළින් අපට උන්වහන්සේගේ උදහසින් හා විනිශ්වයෙන් මිඳීමට හැක.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

යෝවෙල් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries