settings icon
share icon

විලාප ගී

කර්තෘ: විලාප ගී පොතෙහි අපට විශේෂයෙන් කර්තෘ කෙනෙකු හඳුනා ගත නොහැක. චාරිත්‍රය නම් අනාගතවාකෘත යෙරමියා විලාප ගී ලියූ බවය. මෙය මේ ආකාරයෙන් සිදු වී ඇත්තේ මොහු බබිලෝනියේ විනාශ වන අවස්ධාවේ සිටි සාක්ෂිකාරයෙකු බැවින්ය. යෙරමියා මෙම සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරනු ලැබුවා (2 ලේකම් 35:25, 36: 21-22).

ලියනු ලැබූ කාලය: විලාප ගී පොත ලියවී ඇත්තේ ක්‍රි. පූ. 586 සිට 575 කාලයේදීය. යේරුසලමේ වැටීමේ හෝ වැටීමට පසු කාලයේදීය.

ලියනු ලැබූ කාරණය: යුදා දේශයේ නොනැවතුන දේව පිළිම වන්දනාව නිසා, දෙවියන්වහන්සේ බබිලෝනියන්ව දේශය වටා වටකර, කොල්ලකා, ගිනි ගැනීමට සළස්වා යෙරුසලම නගරය විනාශ කිරීමට සැළැස්සූ සේක. අවුරුදු 400 ක් පමණ තේඡාන්විතව නැගීසිටි සාලමොන්ගේ දේව මාළිගය බිමට සමතළා කරනු ලැබුවා. අනාගතවාකෘත යෙරමියා මෙය ඇසින් දකින කෙනෙකු ලෙසින් මේ දේ දැක යෙරුසලමට හා යුදා දේශයට සිදු වූ දේ විලාපයක් ලෙසින් විලාප ගී ලියනු ලැබුවා.

ප්‍රධාන පදයන්:


විලාප ගී 2:17, ස්වාමින්වහන්සේ තමන් යෝඡනා කළ දේ ඉෂ්ඨ කළ සේක. උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණ තමන් කීම සම්පූර්ණ කළ සේක. උන්වහන්සේ අනුකම්පා නොකොට හෙළා දැමූ සේක. සතුරා නුඹට විරුද්ධව සන්තෝෂ වෙන්ට සළස්වා, නුඹේ එදිරිකාරයන්ගේ අඟ එසවූ සේක.

විලාප ගී 3:22-23, අප විනාශ නුණේ ස්වාමිවහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේ අනුකම්පාවල් නොනවතින නිසාය. ඒවා උදයෙන් උදයේ අළුත්ව තිබේ. ඔබගේ විශ්වාසකම මහත්ය.

විලාප ගී 5:19-22, ස්වාමින්වහන්ස අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවා ගත මැනව, පුරාණයේදී මෙන් අපට සමාදාන දවස් නැවත ලබා දුන මැනව. මන්නිසාද ඔබ සහමුලින් අප පහකර දැමූ සේක. ඔබ අප කෙරෙහි අතීශයෙන් කෝපව සිටින සේක.

කෙටි සාරාංශය: විලාප ගී පොත කොටස් පහකට බෙදේ. සෑම කොටසක්ම විශේෂ වූ පද්‍යකින් සමන්විත වේ. මුල් හෙබ්‍රව් පිටපතෙහි පදයන් ආකාරාදී පිළිවෙළට එනම් සෑම පද්‍යක්ම හෙබ්‍රව් හෝඩියේ විශේෂ අකුරකින් පටන් ගන්න බවය. විලාප ගී පොතෙහි අනාගතවාකෘත තුමා පවසන්නේ යෙරුසලමට විනිශ්වය ගෙන ඒමට දෙවියන්වහන්සේගේ ආයුධය ක්‍රමය බබිලෝනිය බවය. (විලාප ගී 1:12-12, 2:1-8, 4:11) විලාප ගී පෙන්වා දෙන්නේ පාපය හා කැරැල්ල දෙවියන්වහන්සේගේ කෝපය කරණකොටගෙන දෙන බවය (1:8-9, 4:13, 5:16) විලාප දීම විපතක දී සමාන්‍ය දෙයක් වූවත් එය ක්ෂනිකව සාමාදානය හා නැවත උත්පාදනයට හේතු වේ (විලාප ගී 3:40-42, 5:21-22).

අනාගතවාක්‍ය: යෙරමියාට වැළපීමේ අනාගතවාකෘත ලෙස නම් වැටී ඇත්තේ ඔහුගේ ඉතා ගැඹුරු වූ ආදරය හා තම ඡනතාව වෙත තිබූ ඇල්මයි (විලාප ගී 3:48-49) මෙම කණගාටුවම දෙවියන්වහන්සේ ප්‍රතික්ශේප කළ සෙනඟ කෙරෙහි යේසුස්වහන්සේ යෙරුසලමට ළඟාවන විට රෝමවරුන්ගේ අතින් යෙරුසලම විනාශ වන සැටි දකින විට පැමිණෙන්නට ඇත (ලූක් 19: 41-44) එන්නාවූ මෙසියස්වහන්සේව යුදාවරුන් ප්‍රතික්ශේප කිරීම නිසා දෙවියන් වහන්සේ රෝමවරුන්ව දේව ඡනතාව දඬුවම් කිරීම සඳහා යොදා ගත්සේක. නුමුත් දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ දරුවන් දඬුවමට පත් කර සතුට ලබන්නාවූ දෙවිකෙනෙකු නොවන අතර දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ එකම පුත්‍රයාව අපගේ පව් උදෙසා පූඡා කිරීම තුළින් උන්වහන්සේ තුළ අපට ලැදි දයාව පෙන්වයි. දිනක යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අපේ සියළු කඳුළු පිසඳමයි (එළිදරව් 7:17).

ප්‍රායෝගික භාවිතය: ඉතා දරුණු විනිශ්චයකදී වූවද දෙවියන්වහන්සේ බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේය (විලාප ගී 3:24-25 ) දෙවියන් වහන්සේගේ අප කොතෙකුත් දුර ගියත්, අපට දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණීමේ බලාපොරොත්තුව ඇත. උන්වහන්සේ සමාදානයේ හා කරුණාවෙි දෙවියන්වහන්සේය (1 යොහාන්1:9) දෙවියන්වහන්සේ ප්‍රේමවන්තකමේ දෙවියන්වහන්සේය (විලාප ගී 3:22 ). උන්වහන්සේගේ මහත් ප්‍රේමය නිසා උන්වහන්සේ තමන් ඒකඡාතක පුත්‍රයාව අපගේ පව් උදෙසා මෙලොවට වැඩම කළ අතර ඒ තුළින් අපට සදාකාල ඡීවනය සම්බවී තිබේ (යොහාන් 3:16). දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම හා අනුග්‍රහය (විලාප ගී 3:23 හා 3:26) අපට විශාල බලාපොරොත්තුවක් හා සැනසීමක් ලබා දෙයි. උන්වහන්සේ අත්තනෝමතික හෝ අකමැති දෙවිකෙනෙකු නොව උන්වහන්සේ සියළු දේ නැවත ලබා දුන් දෙවිකෙනෙක්ය. අපට වෙන පිහිටක් හෝ සරණක් නොමැත. ඇත්තේ දෙවියන් වහන්සේගේ සරණ පමණකි (විලාප ගී 3:22).
පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
විලාප ගී
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries