settings icon
share icon

හිතෝපදේශ පොත

කර්තෘ: හිතෝපදේශ පොතෙහි ප්‍රධාන කතෘ සාලමොන් තුමාය. ඔහුගේ නාමය 1:1,10:1, සහ 25:1 යන පදවල සඳහන් වේ. අප කොතෙකුත් අනුමාන කරනු ලබන්නේ සාලමොන් සිය හිතෝපදේශය එකතු කර එය වෙනස් කළ බවය. දේශනාකාරයා 12:9 පවසන්නේ, තවද දේශනාකාරයා ප්‍රඥවොවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගැන්ම ඉගැන්වුවේය. එසේය ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට සොයාගෙන පිළියෙළ කළේය. එසේම මිෂනාලේ ෂෙලෝමා නම් වූ හෙබ්‍රව් බසින් පැමිණෙන වචනයේ තේරුම නම් සාලමොන්ගේ හිතෝපදේශය යනුයි. විදේශීය පාලකයින් බොහෝ දුරක් සිට ඉශ්‍රායෙල් දේශයට පැමිණ ඇත්තේ සලමොන්ගේ ප්‍රඥාව ලබා හැනීමටය (1 රාඡාවලිය 4:34).

ලියනු ලැබූ කාරණය: දැනුම යනු යම්කිසි තොරතුරු වලින් සැදුම් ලත් දෙයින් ලබා ගත් දෙයක් හැරෙන්න වෙන දෙයක් නොමැත. නුමුත් ප්‍රඥව නම් මිනිසුන්ව, අවස්ථා හා සිද්ධ්න් දෙවියන් වහන්සේගේ ඇසින් දැකීමට ඇති හැකියාවයි. හිතෝපදේශ පොතෙහි සාලමොන් පවසන්නේ දෙවියන් වහන්සේගේ මනස බොහෝ උසස් ස්ථානවල හා සුලබ, සරල හා දිනපතා සිද්ධීන් තුළ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පාවිච්චි වෙන ආකාරයයි. එමඟින් පෙනී යන්නේ කිසිදු මාතෘකාවක් සාලමොන්ගේ මනසින් ගිලිහී නොගිය බවය. පෞද්ගලික ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න, ආර්ථික, ධනය, අනුග්‍රහය, බලාපොරොත්තු, විනය, ණය, ළමුන්ගේ හැදියාව, චරිතය, මත්ද්‍රව්‍ය, දේශපාලනය, පළිගැනීම, දේවත්වය යන බොහෝ මාතෘකාවලට සුදුසු බොහෝ නුවණැති කියමන් රැසකින් මෙම හිතෝපදේශය සමන්විතය.

ප්‍රධාන පදයන්:
හිතෝපදේශ 1:5, ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකර ගන්නේය. නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.

හිතෝපදේශ 1:7, ස්වාමින් වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. ආඥානයෝ ප්‍රඥාව ද ගුරුකම ද හෙළා දකියි.

හිතෝපදේශ 4:5, ප්‍රඥාව ලබාගනින්න, නුවණ ලබා ගනින්න, එය සිහි නැති නොකරන්න, මාගේ මුඛයේ කීම් වලින් අහක්ව නොයන්න.

හිතෝපදේශ 8:13-14, ස්වාමින් වහන්සෙ කෙරෙහි භය වීම නම් නපුරට ද්වේශ කිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයත ද්වේශ කරමියි.

කෙටි සාරාංශය: හිතෝපදේශ අනෙකුත් පොත් වලට සාපේක්ශව සාරාංශ ගත කිරීමට අපහසු වන්නේ එහි කතා ප්‍රවෘත්තියක් හෝ කතා චරිතයක් නොමැති වීමයි. එහි මුලිකත්වය ගනු ලබන්නේ ප්‍රඥාවයි. දේවත්වය වන් වූ ප්‍රඥාව සියළු ඉතිහාසය, මිනිසුන් හා සංස්කෘතීන් උත්තරීතර භාවයට පත් කරයි. මෙහි අඩංගු ඉතා බලගතු වදන් අවුරුදු 3000 පෙර ලියවුණා වූවද අදටත් අපගේ ඡීවිත වලට සාලමොන් රඡුගේ අනගි වදන් අදාළ වේ.

අනාගතවාක්‍ය කීම්: ප්‍රඥාව තේමා කර ගැනීම හා එහි අවශ්‍යතාවය අපට යේසුස් වහන්සේව ළඟා කරගැනීමට මඟ පාදයි. අපව නිරතුරු ධෙර්‍යමත් කරනු ලබන්නේ හිතෝපදේශයෙන් ප්‍රඥාව තේරුම් ගැනීමටත්, එය සෙවීමටත් හා දැනුම ලබා හැනීමටත්ය. හිතෝපදේශය නැවත නැවතත් පුන පුනා අපට පවසන්නේ දෙවියන් වහන්සේ ප්‍රඥාවේආරම්භය බවත්ය (1:7, 9:10).

අපට දෙවියන් වහන්සේ කෙරෙහි ඇති භිය හා යුග්තිය අපට පැමිණෙන්නේ යේසුස් වහන්සේ කරණකොටගෙනය. එනම් යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැබ්කොට ඇති අතර එහි සියළු මිනිසුන් මුදවා ගැනීමේ කාර්යය මනාව පිළිඹ්බු වේ. එනම්, එ තැනැන් වහන්සේ තුළ තුළ ප්‍රඥාවත් දැනගැන්මත් සියළු වස්තුකර නිධාන කර ඇත්තේමය (කොලොස්සි 2:3), අපට අප සොයන ප්‍රඥාව හිමිවන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි අප හරියාකාරව බියෙන් සිටීමෙන් පමණි. ඒ අතරම ධර්මිෂ්ඨකම ද ශුද්ධකම ද මිදීමද කරනු ලැබූ සේක (1 කොරින්ති 1:30). යේසුස් වහන්සේ තුළ ගැබ් වී ඇති ප්‍රඥාව ලෝකයේ මෝඩකම් වළින් බොහෝ වෙනස් වන බැවින් අපව උද්යෝගිමත් කරනු ලබන්නේ අපගේ ඇස් වලිනි ප්‍රඥාවන්ත වන ලෙටසය. එලෙසම හිතෝපදේශ ද අපට ලෝකයේ මාර්ගය දෙවියන් වහන්සේගේ මාර්ගය නොවන බව පැහැදිළිව පෙන්වා දෙයි, (හිතෝපදේශ 3:7) සහ එයය අපව මරණයට පමණක් රැගෙන යන බව පෙන්වා දෙයි (හිතෝපදේශ 14:12 /16:25).

ප්‍රායෝගික භාවිතය: මෙහි විශේෂත්වය නම් අපට හිතට වඳින ආකාරයට අපගේ ඉතා අසීරු වූ ප්‍රශ්න වලට විසඳුම ඉතා සංයමයෙන් අපට මෙම පරිච්ඡේද 31 දී මනා ව පෙන්නුම් කරයි. සැබවින්ම හිතෝපදේශය ඡීවත් විය යුතු ආකාරය මනාව පෙන්වා දෙයි. එනම් එම උපදේශ ආකාරයට ඡීවත් වීමෙන් අපට සෞභාග්‍ය. දේව ප්‍රේමය හා සතුට ලැබෙනවා නිසැක බව.

නැවත නැවතත් හිතෝපදේශයෙහි අපට පවසන දේ නම් ප්‍රඥාව තෝරාගෙන දෙවියන් වහන්සේව අනුගමනය කරන්නන්ට දෙවියන් වහන්සේ පුදුම ආකාරයට ආශිර්වාද ලැබෙන බවය. එසේම දීර්ඝායුෂ ද (9:11) සෞභාග්‍ය ද ( 2:20-22) සතුට ( 3:13-18) හා දෙවියන් වහන්සේගේ යහපත්කම (12:21) එලෙසම දෙවියන් වහන්සේව ප්‍රතික්ශේප කරන්නන්ටද ලැඡ්ඡාව හා මරණය ද බවය (3:35, 10:21) දෙවියන් වහන්සේව ප්‍රතික්ශේප කිරීම ප්‍රඥාවට වඩා උසස් කොට සැළකු මෝඩකම ද එය අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරන අතර උන් වහන්සේගේ වචනයෙන්, ප්‍රඥාවෙන් හා ආශිර්වාද වලින් අපව ඈත් කරයි. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

හිතෝපදේශ පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries