settings icon
share icon

රෝම පොත

කතෘවරයා: රෝම 1:1, රෝම පොතෙහි කතෘවරයා ලෙස අපෝස්තලු පාවුල්තුමා නදුන්වා දෙයි. පාවුල්තුමා එතුමාගේ වචන අත් අකුරෙන් පිටපත් කරණ පිණිස තර්තියස් නම් මනුෂ්‍යයෙකු පරිශීලනය කළ බව රෝම 16:22 පෙන්වා දෙයි.

ලියන ලද දිනය: රෝම පොත ක්‍රි. ව. 56-58 අතර ලියනු ලැබුවා විය හැක.

ලිවීමේ පරමාර්ථය: පාවුල්තුමාගේ සෑම ලිපියක් මෙන්ම මෙම ලිපිය ලිවීමේදීද එතුමාගේ පරමාර්ථය වූයේ ලිපිය ලබන්නාවූ සෑම ඇදහිලිවන්තයෙකුටම ධර්මය ඉගැන්වීම, සිත හා චරිතය දියුණු කර ගැනීමට උපදෙස් දීම හා ඔවුන් ධෛර්යමත් කිරීම කරණ කොට ගෙන දෙවියන් වහන්සේ ගේ මහිමය ප්‍රකාශ වීමය.

මෙම යැවුම් පත්‍රය ලියන අය අතර පාවුල්තුමාගේ විශේෂ අවධානය යොමු වූයේ දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලැබ ශුද්ධවන්තයින් වීමට කැඳවන ලද අය පිලිබඳවය (රෝම 1:7). රෝමයේ රැස්වන ඇදහිලිවතුන් පිළිබඳව පාවුල්තුමාට අනූපම මහත් ළැදිකමක් වූයේ එතුමාද රෝමයේ පුරවැසියෙකු වීම නිසාය. මේ වනවිටත් එතුමා රෝම සභාව බැහැ දැක නොතිබූ අතර ලිපිය යවනු ලැබුවේ තමාව හදුන්වා දෙන පිණිසය.

ප්‍රධාන පදයන්:
රෝම 1:16 මක්නිසාද මම ශුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. අදහන්නාවු සියල්ලන්ටම, එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාය.

රෝම 3:9-11 එසේවී නම් කිමෙක්ද? අපි ඔවුන්ට වඩා අඩු තත්ත්වයකද? කිසිසේත් නැත. මක්නිසාද යුදෙව්වරුද ග්‍රීක්වරුද යන සියල්ලෝ පාපයට යටත්ව සිටිතියි කියා අපි පළමුව දොස් තැබුවෙමුව. ඒ ගැන මෙසේ ලියා තිබේ. ධර්මිෂ්ඨ කෙනෙක් නැත. එසේය, එක්කෙනෙක්වත් නැත. තේරුම් ගන්නාවූ කිසිවෙක් නැත. දෙවියන් වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත.

රෝම 3:21 නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගත වක්තෘවරුන් ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශ කරන ලද්දේය

රෝම 3:23 මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේ ගේ මහිමයෙන් හීනව සිටිති.

රෝම 5:8 නුමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේ ගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විදීමෙන්ය.

රෝම 6:23 මක්නිසාද පාපයේ කුලී නම් මරණයය. නුමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය.

රෝම 8:9 නුමුත් නුඹලා තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ වාසය කරන සේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත.

රෝම 8:28 තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව.

රෝම 8:37-39 නුමුත් අපට ප්‍රේම කළාවූ තැනන්වහන්සේ කරණකොට ගෙන අපි මේ සියල්ලේද අතීශයින්ම ජය ගන්නෝවමුව. මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත් අධිපතිකම් වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකි වන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.

රෝම 10: 9-10 මක්නිසාද මේ කාලයේ හැටියට මම එන්නෙමි. සාරාට පුතෙක් ලැබෙන්නේය යන වචනය පොරොන්දුවේ වචනයක්ය. එපමණක්ද නොවේය: එක්කෙනෙකු නිසා අපේ පියවූ ඊසාක් නිසා රෙබෙකා ගර්භණීවූ කල්හිද, ඒ තාක් දරුවන් නොඉපද,

රෝම12:1 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි.

රෝම12:19 ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩ හැරපල්ලා. මක්නිසාද පළිගැනීම මාගේය: මම විපාක දෙමියි ස්වාමින් වහන්සේ කියන සේකැයි ලියා තිබේ.

රෝම 16:17 සහෝදරයෙනි, නුඹලා ඉගෙන ගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන් ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.

කෙටි සාරාංශ ගත කිරීමක්: අවසානයේදී තමාගේම සභාව තුළ මෙහෙවර කරන්ට ලැබීම ගැන පාවුල්තුමා ප්‍රබෝධමත්ව සිටියේය යන කරුණ සෑම කෙනෙක්ම දැන සිටියෝය (රෝම1:8-15). යෙරුසලමෙහි වූ දිළිදුන්ට ලද සම්මාදම ඔවුන්ට ලබා දීමට යන්නාවූ චාරිකාවට ප්‍රථමයෙන් කොරින්තියේ සිට මෙම ලිපිය රෝමවරුන්ට ලියන ලදී. එතුමා රෝමයටත් ඉන් පසුව ස්පාඤ්ඤයට යන්නට බලාපොරොත්තුවක් විය (රෝම 15:24). නුමුත් එතුමාගේ සැලසුම් වලට බාධා පැමිණියේ යෙරුසලමේදී එතුමා අත්අඩංගුවට පත්වීම නිසාය. අවසානයේදි එතුමාට රෝමයට යන්නට සිදුවූයේ සිරකරුවෙකු ලෙසය. කොරින්තිය අසලවූ කෙංක්‍රයේහි පිහිටි සභාවෙහි සාමාජිකාවක වූ පේබී බොහෝවිට රෝමයට ලිපිය ගෙන යන්නට ඇතැයි සැළකේ.

රෝම පොත මූලික ධර්මය පිළිබඳ කෘතියක් වූ අතර එය කොටස් හතරකට බෙදා වෙන් කළ හැක. ධර්මිෂ්ඨකමේ අවශ්‍යතාවය රෝම 1:18, 3:20, ධර්මිෂ්ඨකම සපයා ඇති බව 3:21- 8:39 ධර්මිෂ්ඨකමේ දෝෂ හරණය 9:1-11:36, ධර්මිෂ්ඨකමේ ක්‍රියා මාර්ගය.

මෙම ලිපියෙහි ප්‍රධාන තේමාව ලෙස ප්‍රත්‍යක්ෂ වන්නේ ධර්මිෂ්ඨකම පිළිබඳ පාඨමාලාවයි. ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම කරණකොට ගෙන පාවුල්තුමා සියලු මනුෂ්‍යයන් ගේ පාපය පිළිබඳ අප්‍රසාදය පළ කර සිටියේය. රෝමවාසීන්ට දෙවියන් වහන්සේගේ සැබෑ වූ දේව වචනය දේශණා කිරීමට තිබු ආශාව පිළිබඳවද ප්‍රකාශ කර සිටියේය. එමඟින් ඔවුන් නිවැරදි මාවතෙහි සිටින බවට සහතිකයක් ඇති කර ගැනීම එතුමාගේ බලාපොරොත්තුව විය (රෝම1:16). සෑම කෙනෙකුම ගැලවීමට ගෙන ඒමට හැකි බලය ශුභාරංචියෙහි ගැබ් වී ඇති බැවින් සුනසුන ගැන තමන් ලජ්ජා නොවන බව එතුමා ප්‍රබලව ප්‍රකාශ කර සිටියේය (රෝම1:16).

රෝම පොත දෙවියන් වහන්සේ පිළිබඳව කියා දෙන අතර එතුමානන් කව්ද එතුමාණන් විසින් කරනු ලැබුවේ කුමක්ද යන්නත් සඳහන් කරයි. යේසුස් වහන්සේ පිළිබඳව මෙම පොත උගන්වන අතරම එතුමාගේ මරණය කරණකොට ගෙන සම්පූර්නත්වයට පැමිණියේ කුමක්ද යන්නද සඳහන් කරයි. මෙම පොත අප කව්ද යන්නත් ක්‍රිස්තුස් වහන්සේ නොමැතිව අප කෙසේ සිටියේද යන්නත් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කිරීම කරණකොට ගෙන අප කවුරුන් වූයේද යන්නත් සඳහන් කරයි. ක්‍රිස්තුස් වහන්සේට වෙතට පැමිණීම ප්‍රථමයෙන් තමන්ගේ ජීවිත හරිව තබා ගන්නා ලෙස එතුමා අවධාරණය නොකළ බව පාවුල්තුමා කරුණු කාරණා සහිතව පෙන්වා දෙයි. අප පව්කරුවන්ව සිටියදීම ක්‍රිස්තුස් වහන්සේ අපගේ පව් උදෙසා කුරුසියෙ දිවි පිදු සේක.

සැබැදුම / සැබැඳියාව: රෝමවරුන්ට යවන ලද යැවුම් පත්‍රයෙහි ඇති මහිමාන්විත සත්‍යතාවයන් පැහැදිළි කිරීම සඳහා පාවුල්තුමා පරණ ගිවිසුමෙහි පුද්ගලයන් සහ සිදුවීම් පරිහරණය කරයි. ආබ්‍රහම් විශ්වාස කළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්නා ලදී, ක්‍රියා කරණකොට ගෙන නොවේය (රෝම 4:1-5). තමුන්ගේ අයුතුකම් වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. ස්වාමින් වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දෝ යයි යන එම දාවිත්තුමා කියන ලද සැබෑවම නැවතත් පාවුල්තුමාද උපයෝගී කර ගනියි (රෝම 4:6-9). ජන්මයෙන් උරුම වු පාපයන් පිළිබඳ ධර්මය විස්තර කරදෙන පිණිස පාවුල්තුමා ආදම් මෙන්ම සාරා සහ ඊසාක් ගේ කථාවද ක්‍රිස්තුස් වහන්සේ කරණකොට ගෙන කිතුණුවන් දෙවියන් වහන්සේ ගේ දිව්‍යමය අනුග්‍රහයේ පොරොන්දුවේ දරුවන් වන ප්‍රතිපත්තිය උදාහරණ මඟින් තේරුම් කරදීමට පොරොන්දුවේ පුත්‍රයා (ඊසාක්) පිළිබඳවද කථා කරයි. ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය නැවත මතක් කරමින්, පාවුල්තුමා ප්‍රකාශ කරණුයේ දෙවියන් වහන්සේ සම්පූර්ණ වශයෙන් හා අවසාන වශයෙන් ඊශ්‍රායෙල්වරුන් ප්‍රතික්ෂේප නොකළ බවයි (රෝම 11:11-12). නුමුත් අන්‍ය ජාතිකයින්ගේ සම්පූර්ණ ගණන ගැලවීමට පැමිණෙන තෙක් පැකිළෙන්නට ඉඩ හරින ලදී.

ප්‍රායෝගික අදාළ කිරීම: අපට අපව ගලවා ගැන්ම සඳහා කළ හැකි කිසිත් නැති බව රෝම පොත පැහැදිළිව පෙන්වා දෙයි. කවදා හෝ කරණ ලද සෑම යහපත් ක්‍රියාවක්ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි කුණු වැරහැලි වේ. පාපය සහ අයුතුකම් තුළ මැරී සිටින අපව ගලවා ගත හැක්කේ දෙවියන් වහන්සේගේ දයානුකම්පාව හා අනූග්‍රහයෙන් පමණි. දෙවියන් වහන්සේ අපට විදහා දක්වන අනුග්‍රහය ලැබුයේ තම පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ස්ථානය ගෙන කුරුසිය මත දිවි පුදදීමට එවීමෙනි. අපගේ ජීවිත අප ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරවීම කරණකොට ගෙන තව දුරටත් පාපයේ ස්වභාවයන් අපව පාලනය කරනු නොලබන අතර ආත්මයාණන් වහන්සේගේ පාලනය යටතට පත්වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව අප, අපගේ මුඛයෙන් ප්‍රකාශ කර, එතුමානන් මළවුන් ගෙන් උත්ථාන වූ බව අදහන්නේ නම් නව උත්පාදනය සමඟ අපි ගලවනු ලබමුව. අපගේ ජීවිත එතුමාට ජීවමාන යාගයක් කොට පූජා කරමින් අප ගලවනු ලැබුවාවූ දෙවිදුන් නමස්කාර කිරීම අපගේ උතුම් අභිලාෂය විය යුතු අතර, රෝම යැවුම් පත්‍රයෙන් ජීවිතයට අදාළ කර ගැනීම සඳහා යහපත්ම දෙය නම් රෝම 1:16 අනුව ශුභාරංචිය නිසා ලජ්ජා වට පත් නොවී එය ප්‍රකාශ කිරීමය. English



අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

රෝම පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries