settings icon
share icon
ප්‍රශ්නය

පාවුල්ගේ මාංසයෙහි කටුව යනු කුමක්ද?

පිළිතුර


බොහෝ සුළු ප්‍රමාණයේ විස්තරාත්මක දේ, පාවුල්ගේ මාංසයෙහි කටුව ගැන බයිබලයෙහි සඳහන් වේ. අඛන්ඩ දුක් ගැනවිල්ලි, නොපසුබසින්නාවූ විරුද්ධකාරයන්, පිළිවෙලින් හෙවත් එකිනෙකට අප කෙරෙහි පැමිණෙන ලෙඩ රෝග සිට (අක්ශි රෝග, ඉතා වේදනාකාරී වූ හිසේ වේදනාවන්, අපස්මාරය) අපට කථා කිරීමට පවා බාධා ගෙන දෙන ලෙඩ රෝග වේ. කිසිවෙකුට පැහැදිලිව, පාවුල්ගේ මාංසයෙහි කටුව පිළිබඳව කිව නොහැකි අතරමුත් එය නිසැකවම අපගේ ශරීරයටද බලපාන ලද්දකි.

2 කොරින්ති 12:7 හි පවසන, පාවුල්ගේ මාංසයෙහි කටුව පිළිබඳ අප දන්නේ කුමක්ද? තවද ඒ එළදරව් කිරීම්වල අතීශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ කටුවක් මාගේ මාංසයෙහි මට දෙන ලද්දේය. පළමුව මාංසයෙහි කටුවෙහි අරමුණ නම් පාවුල්ව යටහත්ව තිබීමයි. දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබූ හා, උන් වහන්සේ විසින් කථා කරනු ලැබ, උන්වහන්සේ විසින් පාවිච්චි කරනු ලැබූවෙකු නම් (ක්‍රියා 9:2-8) ඔහුගේ ස්වාභාවික තත්වයෙන්, තෘප්තිමත් හා සතුටින් පිරුණු තත්වයකට පත්වේ. එම කරුණට අමතරව, ශුද්ධාත්මයාණන් විසින් පාවුල්ව පොළඹවනු ලැබ, අළුත් ගිවිසුමෙහි බොහෝ පොත් ගණනක් ලිවීම නිසා පාවුල් උඬඟුකම කෙරෙහි, පමණට වඩා උසස් වීමේ හා ආඩම්බරය හෙවත් පුහුමාන්නය තුළින් ඡීවත් වීමට ඉඩකඩ තිබුණි. දෙවනුව, අප හොදාකාරයෙන් සාතන් තුළින් අප වෙතට පැමිණෙන දුක හෙවත් සන්තාපය දනිමු. දෙවියන් වහන්සේ යෝබ්ව පරික්ශා කිරීමට, සාතන්ට ඉඩ දුන්නා සේම, (යෝබ් 1:1-12) පාවුල්වත් සාතන් විසින් පරික්ශා කරනු ලබන්නට ඉඩ දුන්නත්, පාවුල් සැමවිටම දෙවියන් වහන්සේගේ කාර්යය උන් වහන්සේගේ අරමුණ මත පමණක් තම මනස යොමා සිටියේය. අපට තේරුම් ගත හැක්කේ, මෙම කටුව, පාවුල්ට සිය කාර්යක්ශම වූ සේවයෙහි නිරත වීමට බාධාවක් වුණි. (ගලාති 5:14-16) එම නිසා ඔහු තුන්වරක් තමාගේ කාර්යයෙන් තමා මුදා හරින ලෙස පැවසුවා (2 කොරින්ති 12:8) නුමුත් පාවුල් මේ සෑම දෙයක්ම තමාගේ පළපුරුද්දෙන් ඉගෙන ගත් දේ බව අපට ඔහුගේ ලිවීමේ රටාවෙන් හඳුනාගත හැක. මනුශ්‍යාගේ වැටීමේදී, දෙවියන් වහන්සේගේ බලය, වචනය තුළින් මනාව පාවුල් තුමා මනාව ගෙන හැර දක්වයි (2 කොරින්ති 4:7) එබැවින් දෙවියන් වහන්සේ මහිමයට හා ප්‍රශංසාවට ලක්වේ (2 කොරින්ති 10:17) ප්‍රශ්නය ඔහුගේ ඡීවිතය තුළින් වෙන් කරනවාට වැඩිය, දෙවියන් වහන්සේ එම ප්‍රශ්නය තුළින් යෑමට ඔහුට කරුණාව හා ශක්තිය ලබා දුන් අතර දෙවියන් වහන්සේ එයින් සනථ කළේ දෙවියන් වහන්සේගේ කරුණාව අපට සෑහේ යනුයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාවුල්ගේ මාංසයෙහි කටුව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries