settings icon
share icon
ප්‍රශ්නය

විචිත්‍ර සබඳතාවයක් ඉතා අඩු වයසින් ඇති කර ගැනීමේදී අඩු වයස කුමක්ද?

පිළිතුර


ඉතා අඩු වයසින් සබඳතාවයක් ඇති කර ගැනීමේද අඩු වයස රඳා පවත්නේ පුද්ගලයෙකුගේ පරිණත මට්ටම, අරමුණු සහ විශ්වසයන් මතයි. බොහෝවිට අප වයසින් අඩු වන විට ජීවිතයේ අත් දැකීම් මද හෙයින් පරණත භාවයද අඩු වේ. අප සිටින්නාවූ තත්වය තේරුම් ගැනීමට ආරම්භ වන විට අප ශක්තිමත් විචිත්‍ර බැඳීමක් සකස් කර ගැනීම පිණිස අධ්‍යයාත්මිකව ස්ථීර ලෙස පදනම් වී නොමැති වන්නට පිළිවෙන, නොඑසේ නම් අනුවණ තීරණ ගැනීමට නැඹුරුවී භවාත්මක, ශාරීරික, මානසික, සහ අධ්‍යයාත්මික විනාශයකට ලක් විය හැක.

සබඳතාවයකට ඇතුලත් වී සිටීම, යම් කෙනෙකු මුළුමනින්ම පාහේ නිත්‍ය පරීක්ෂාවකට පත් කළ හැක්කේ, විශේෂයෙන්ම අපගේ හැඟීම් වර්ධනය වන විට සහ අනෙක් පුද්ගලයාට කෙ‍ෙරහි ඇති ආකර්ශණය ගැඹුරු වන හෙයිනි. තරුණ ගැටවරන් මෙන්ම වයසින් වැඩි ගැටවරන් පවා අමහර අවස්ථා වලදී දැරිය නොහැකි හෝමෝනීය සහ සමාජීය පීඩන වලින් වැලකී සිටින්නට හැක. සෑම දිනකම නව හැඟීම් ඇති කරනු ලබයි-අනුමානය බිය සහ වියවුල හා සමග මුසු වූ ප්‍රීතිය සහ ප්‍රමෝදය බොහෝ සෙයින් වියවුල් සහගත විය හැක. බොහෝ තරුණ පිරිස් ඔවුන් බෙහෙවින් වැය කරනු ලබන්නේ ඔවුන් කව්ද, ඔවුන් ලෝකයට මෙන්ම ඔවුන් වටා සිටින්නට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සොයා බැලීමෙනි. සබඳතාවයක් කරණකොටගෙන හටගන්නාවූ පීඩනයද මෙවන් අවදියක එකතු වුවහොත් නොඉවසිය හැකි ප්‍රමාණ‍ෙය් ඉල්ලීමක් වනුයේ විශේෂයෙන්ම අනෙක් පුද්ගලයාද ඒ හා සමානව අත්දකින්නාවූ සංක්ෂෝභය නිසාවෙනි. එවන් මුල් අවදියේ පසු වන්නාවූ සබඳතාවයන්, සියුමැලි සහ දැනට හැඩ ගැසෙමින් පවත්නාවූ ආත්ම ප්‍රතිබිම්බයේ විනාශය වළකාලීමට ඇති දුෂ්කරතාවයන් වඩාත් අධික කෙරේ, එලෙසම පරීක්ෂා වලට විරෝධය පෑමට ඇති ගැටළුවද ඒ ආකාරමය. විවාහය පිළිබඳ ඇති අදහස බොහෝ ඈතක වූවත්, ප්‍රේම සබඳතාවයක් ආරම්භ කිරීමටද කලින් වැඩිවේ. සියලුම අදාල පාර්ශවයනට වඩාත් සුරක්ෂිත වන්නේ, තරුණ පිරිසට තම සමාජීය නිපුණතා වර්ධනය කර ගැනීමට හැකි කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ නොයෙක් පීඩන තත්වයන් මෙන්ම විචිත්‍ර බැඳීම් සඳහා ආවේනිකවූ දුෂ්කරතා මග හරවා ගෙන පවත්වා ගෙන යා හැකි මිත්‍රත්වයන්ය.

පුද්ගලයන් විචිත්‍ර සබඳතාවයක් ආරම්භ කිරීමට ගත් තීරණයෙහි ගැටළුවක් නොමැත්තේ ඔහු හෝ ඇයට උගන්වා ඇති ඇදහිල්ල නමැති අත්තිවාරම මත තමා ගොඩ නැගිය යුතු සහ වර්ධනය වීම මෙන්ම ඔහු හෝ ඇය කළ යුත්තේ කුමක්ද යන්න දෙවියන් වහන්සේ අභිප්‍රාය කරනු ලබන දේ සොයා බැලීම් කාලයක්ද විය යුතුය. මෙම උද්දීපන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කිසිඳු වයස් කාණ්ඩයක් නොමැත. “නුඹේ යෞවනකම සුළු කරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිඳු කමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න” (1 තිමෝති 4:12).

English



නැවතත් සිංහල මුල් පිටුවට

විචිත්‍ර සබඳතාවයක් ඉතා අඩු වයසින් ඇති කර ගැනීමේදී අඩු වයස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries