settings icon
share icon
ප්‍රශ්නය

දවියන් වහන්සේ යහපත හා නපුර දැන ගැනීමේ ගස ඒදන් උයනේ තැබුවේ ඇයි?

පිළිතුර


දෙවියන් වහන්සේ යහපත හා නපුර දැන ගැනීමේ ගස ඒදන් උයනේ තැබුවේ උන් වහන්සේට අවශ්‍ය උනා ආදම් හා ඒවට තෝරාගැනීමට ඉඩ දෙන්න උන් වහන්සේට කීකරු වෙනවාද නැද්ද කියලා. ආදම් හා ඒවට නිදහස තිබුණා ඔවුනට අවශ්‍ය දේ කිරීමට. යහපත හා නපුර දැන ගැනීමේ ගසෙන් කෑමට අමතරව (නොකෑ යුතුය). උත්පත්ති 2:16-17, “ස්වාමිවූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්, නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවන, එහෙත් යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්ට එපාය, මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නිසන්නෙහියයි කීසේක.” දෙවියන් වහන්සේ ආදම් හා ඒවට තෝරා ගැනීමක් නොදුන්නා නම් ඔවුන් රොබෝවරු වගේ වෙනවා, ඔවුන්ව හදා තිබෙන ලෙසට පමණක් ක්‍රියා කරයි. දෙවියන් වහන්සේ ආදම් හා ඒවව “නිදහසේ” සිටීමට මවන ලදි. තීරණ ගැනීමේ හැකියාව, ආදම් හා ඒව සැබවින්ම නිදහස් පුද්ගලයෝ නම් ඔවුනට නිදහස් කැමැත්තක් තිබිය යුතුය.

එම ගහේවත් එහි ඵලවලත් නපුර තිබුණේ නැත. විය නොහැකි දෙය නම් ඒ ගෙඩිය කාපු ගමන් ආදම් හා ඒවට තවත් දැනුමක් දුන්නාද යන්න. ආදම් සහ ඒවගේ අකීකරුකමේ ක්‍රියාවයි ඔවුන්ගේ ඇස් පාපයට විවෘත කළේ. දෙවියන් වහන්සේට අකීකරුවීමේ ඔවුන්ගේ පාපය නිසා ලෝකයටද පාපය ඇතුල් විය (උන් වහනාසේට අකීකරුවීම), ආදම් හා ඒවට පාපයේ දැනුම ලැබුණේ කුමකින්ද? (උත්පත්ති 3:6-7).

දෙවියන් වහන්සේට අවශ්‍ය උනේ නැත ආදම් හා ඒව පව් කිරීමට, දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම දැන සිටියා පාපයේ ප්‍රතිඵලය කුමක්ද කියා. දෙවියන් වහන්සේ දැන සිටියා ආදම් සහ ඒව පව්කර නපුර ගෙන එන බවට, වේදනාව (දුක් විඳීම), හා මරණය ලෝකයට ගෙන එනවා. එසේ නම් ඇයි දෙවියන් වහන්සේ සාතන්ට ඉඩ හැරියේ ආදම් සහ ඒව පරික්‍ෂා කරන්නට? දෙවියන් වහන්සේ සාතන්ට ඉඩ දුන්නේ ඔවුන්ව පරික්‍ෂා කරීමට ඔවුනට තෝරා ගැනීමට යොමු කිරීමට. ආදම් සහ ඒව තෝරා ගත්තා ඔවුන්ගේ නිදහසේ කැමැත්තෙන් දෙවියන් වහන්සේට අකීකරුවීමට හා තහනම් ගෙඩිය කෑමට. ප්‍රතිඵලය-පාපය, නපුර, දුක්විඳීම, රෝගය හා මරණය-ලෝකයට එදා සිට පැමිණියා. ආදම් සහ ඒවගේ තීරණය නිසා ප්‍රතිඵලය නම් ඉපදෙන සෑම කෙ‍ෙනක්ම පාපයේ ස්වභාවය සමග ඉපදෙන බවයි. පාපයට නැඹුරුවීම, ආදම් සහ ඒවගේ තීරණය අවසානයේදී ක්‍රිස්තුස් වහන්සේට මරණය හා උන් වහන්සේගේ ලේ අප උදෙසා හලන තැනට ගෙනාවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාසය කරණකොටගෙන අපට පාපයේ විපාකයෙන් ගැලවිය හැක. ඒ වගේ අවසාන‍ෙය් පාපයෙනුත් ගැලවිය හැක. පාවුල් තුමාගේ රෝම යැවුම් පත්‍රයේ ඇති පදය මෙනෙහි කරමු. රෝම 7:24-25 “මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවියන් වහන්සේට ස්තුති කරමි.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

දවියන් වහන්සේ යහපත හා නපුර දැන ගැනීමේ ගස ඒදන් උයනේ තැබුවේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries