settings icon
share icon
ප්‍රශ්නය

ත්‍රිත්වවාදය යනු කුමක්ද? ත්‍රිත්වවාදය බයිබලයට අනුකුල වේද?

පිළිතුර


දෙවියන් වහන්සේ ත්‍රිත්වය බවට කරනු ලබන ඉගැන්වීම ත්‍රිත්වවාදයයි, එනම්, එතුමන් විසින් තමන් සහ-සම හා සහ-සදාතන බව තුන් ආකාරයකින් ඉදිරිපත් කර දැක්වීමකි. ත්‍රිත්වය පිළිබඳවූ විස්තරාත්ම ඉදිරිපත් කිරීම, තව දුරටත් දැන ගැනීමට අප විසින් ත්‍රිත්වය පිළිබඳව ගෙන හැර දක්වන සටහන අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙම සටහනේ මූලික අරමුණ වන්නේ මිදීම හා කිතුනු ජීවිතයට ත්‍රිත්වවාදය වැදගත් වන්නේ කෙසේද යන වග පෙන්වා දීමටයි

අප හට නිතරම පාහේ පිළිතුරු දීමට සිදුවන පැනයක් වන්නේ “මම (යමෙක්) මිදීම ලැබීමට නම් ත්‍රිත්වය විශ්වාස කළ යුතුමද?” යන්නයි. මේ සඳහා “ඔව්” හා “නැත” වශයෙන් පිළිතුරු දිය හැක. යමෙකු මිදීම ලැබීමට ත්‍රිත්වවාදය සම්පූර්ණයෙන්ම විශ්වාස කල යුතුද? නැත. ත්‍රිත්වවදයේ සමහර අංශයන් මිදීම මූලික කාර්යය බාර්යක් ඉටු කරනු ලබයිද? ඔව්, උදාහරණයක් ලෙස, ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය මිදීම පිළිබඳවූ මතය තුල ඉතා වැදගත් ස්ථානයක් ගනී. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නොවුනේ නම් පාපය සඳහා වූ මිලය ගෙවීමට නොහැකි වනු ඇත. එලෙසට දෙවියන් වහන්සේ සීමා රහිත වන අතර එතුමන්ට ආරම්භයක් හෝ අවසානයක්ද නොමැත. උන් වහන්සේ හැරුණු කොට අනෙකුත් සියලු මැවිල්ල (දේවදූතයන් ඇතුලුව) සඳහා සීමාවක් පවතී, මන්ද ඔවුන් යම් සංදිස්ථානයක් තුල මවන ලද්දවූවන් වන නිසාය. සදාකාල ජීවිතය තුළ මනුෂ්‍යයා පාපයෙන් ගලවා ගැනීමට හැකියාව තිබුණේද? සීමා රහිත ජීවිතයක් මරණයක් තුළින් පමණි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේව නොවුනේ නම් එවිට එතුමන් ගැලවුම්කාරයාණන් බවද, මෙසියස් බවද ලෝකයේ පාපයෙන් ගලවා ගනු ලබන බැටළු පෝතකයන් බවද විය නොහැක (යොහන් 1:29). බයිබලානුකුල නොවන පැතිකඩ තුලින් යේසුස් වහන්සේගේ දිව්‍යමය ස්වභාවය මිදීම, මුලාව දැමීමක් සේ සලකනු ලබයි. යේසුස් වහන්සේගේ දේවත්වය ප්‍රතික්ෂේපකරන්නාවූ සෑම කිතුනු ඇදහීමක් තුළ තමන්ට මිදීම ලබා ගැනීමට නම්, තමන්ද යම් කාර්යයක් (මිලයක්) යේසුස් වහන්සේගේ මරණය හා එකතු කල යුතු බවට විශ්වාස කරයි. නමුත් සත්‍ය හා පරිපූර්ණවූ යේසුස් වහන්සේගේ දේවත්වය, ත්‍රිත්වවාදි දර්ශණය මගින් මෙම මතය වැරදි බව ඔප්පු කරනු ලබයි.

මේ අතරම අපට පැහැදිලි වන්නේ සමහර සැබෑවූ කිතුනු ඇදහිලිවන්තයන්ද සම්පූර්ණ ත්‍රිත්වවාදය තුළ රඳා පවතින්නේ නැති බවයි. ත්‍රිත්වය හඳුන්වා යම් අදහස් අප ප්‍රතික්ෂේප කලද දෙවියන් වහන්සේ පුද්ගලයින් තිදෙනෙක් නොවන බවත් දෙවියන් වහන්සේ තමන්ව තුන් ආකාරයකින් අනාවරණය කළ බව යන මතය තුල සිට යමෙකුට මිදීම අත්දැකිය හැකි බව අප ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නැත. ත්‍රිත්වය යනු නිරූපිත මිනිසුන් හට සම්පූර්ණයෙන් හා පරිපූර්ණ වශයෙන් තේරුම් ගත නොහැකි අභිරහසකි. යමෙකු හට මිදීම ලැබීමට පවතින්නාවූ සියලුම බයිබලීය දැනුමින් පරිපූර්ණ විය යුතු බව දෙවියන් වහන්සේ නියම කර නැත. ත්‍රිත්වවාදය තුලවූ සියලුම අංශයන් කෙරෙහි සම්පූර්ණ දැන ගැනීමක් හෝ සුදුසුකමක් මිදීම සඳහා ඉවහල් නොවේ.

ත්‍රිත්වවාදය යනු බයිබලය මුල් කරගත් ධර්මයක් බවට අප තරයේ විශ්වාස කරනු ලබයි. අප ප්‍රකාශ කරනු ලබන්නේ දෙවියන් වහන්සේව තේරුම් ගැනීමට, මිදීම තේරුම් ගැනීමට මෙන්ම ඇදහිලිවතුන්ගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියා කලාපය අත් දැකීමට ත්‍රිත්වවාදය විශ්වාස කරීම අත්‍යවශ්‍ය බවයි. මේ අතර ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරනු ලබන සමහර ඇදහිලිවතුන් ත්‍රිත්වවාදයේ යම් අංශයන් සඳහා විරුද්ධ මත දරන්නන් විය. නමුත් මෙහි වටහා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ අපට මිදීම ලැබී ඇත්තේ අප තුල පරිපූර්ණ දැනුමක් තිබූ නිසා නොවන බවයි. එසේ නම් අප මිදීම ලබා ඇත්තේ අප‍ෙග් ශ්‍රෙෂ්ඨ ගැලවුම්කාරයාණන් තුල විශ්වාස කිරීම කරණකොටගෙනය (යොහන් 3:16). එසේනම් අප මිදීම ලබා ගැනීම සඳහා ත්‍රිත්වවාදයේවූ යම් අංශයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුද? ඔව්. මිදීම ලබා ගැනීමට අප ත්‍රිත්වවාදය හා සම්පූර්ණයෙන් එකඟත්වයකට පැමිණිය යුතුද? නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ත්‍රිත්වවාදය යනු කුමක්ද? ත්‍රිත්වවාදය බයිබලයට අනුකුල වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries