settings icon
share icon
ප්‍රශ්නය

සැබෑ ආගම නම් කුමක්ද?

පිළිතුර


ආගමක් මෙලෙස හැඳින්විය හැක. “දෙවියන් වහන්සේ හෝ දෙවියන් කෙරෙහි ඇදහීම හා නමස්කාරය, සාමාන්‍යයෙන් කල් ක්‍රියාව හා චාරිත්‍ර පිළිබ්ඹු කරන්නක්ද?” එසේත් නැති නම් “විශේෂිතවූ ඇදහිල්ලේ, නමස්කාරයේ ක්‍රමයක්ද? බොහෝ විට සදාචාරාත්මක එකතුවකි.” ලෝකයේ 90% ජනතාව කුමක් හෝ ආගමකට අයත්වේ. ප්‍රශ්නය නම් බොහෝ විවිධ ආගම් තිබීමයි. නිවැරදි ආගම කුමක්ද? සැබෑ ආගම කුමක්ද?

මෙවැනි ආගම් වල පොදු සාධක දෙකක් තිබේ. ඒවා නම් නීති හා චාරිත්‍රයි. සමහර ආගම් නීති වලට අමතරව කිසිවක් නැත. කළ යුතු හා නොකළ යුතු එම ආගමේ විශ්වාසවන්ත පුද්ගලයෙකුවීමට නම් එම නීති අනුගමනය කළ යුතුයි. එමගින් එම ආගමේ ඉදිරියෙහි නිවැරදි පුද්ගලයෙකු විය හැක. එම ආගම්වලට උදාහරණයක් නම් ඉස්ලාමි ධර්මය හා යු‍ෙදව් ආගමයි. ඉස්ලාම් ධර්මයේ ආධාරක පහක් (5) ඇත. යුද ආගමේ සිය ගණන් ආඥා හා සංස්කෘතිකමය පිළිපැදීම් කළ යුතුයි. ආගම් දෙකෙහිම යම්තාක් දුරට පවසන දෙය නම් ආගමක නීති පිළිපැදීමෙන් මිනිසා දෙවියන් ඉදිරියෙහි නිවැරදි පුද්ගලයෙකු විය හැකි බවයි.

අනෙක් ආගම් පවසන්නේ චාරිත්‍ර අනුගමනය කිරීම ප්‍රමාණවත් නීති පිළිපැදීමක් අවශ්‍ය නැති බව. පූජාවක් ඔප්පු කිරීමෙන්, කළ යුතු වැඩය නිවැරදිව කිරීම, මෙහෙයන් වලට සහභාගිවීම, සමහර ආහාර නොගැනීම දෙවියන් ඉදිරියෙහි නිවැරදි පුද්ගලයෙකු වීමට හැකි චාරිත්‍රයි. චාරිත්‍රකුල ආගමකට උදාහරණය නම් රෝමානු කතෝලික ආගමයි. ඔවුන් විශ්වාස කරන්නේ ළදරු බවිතිස්මය, දේව මෙහෙයන් වලට සහභාගිවීම, පූජකයා ඉදිරියෙහි පව් සමාව ගැනීම, ස්වර්ගයෙහි සිටින සාන්තුවරයෙකුට යාච්ඤා කිරීම, මරණයට පෙර පූජකයෙක් අතින් ආලේප ලැබීම, වැනි දේ අනුගමනය කරන්නා හට ස්වාමින් වහන්සේ මරණයෙන් පසු ස්වර්ගයට දෙවියන් වහන්සේ විසින් පිළිගැනීමයි. හින්දු ධර්මය හා බුද්ධ ධර්මයද බොහෝ විට චාරිත්‍රානුකුල ආගම්ය. නමුත් නීති ඉතාම අඩුයි.

සැබෑ ආගමක් නම් නීති සංග්‍රහයක් හෝ චාරිත්‍ර පිරුණු දෙයක් නොවේ. සැබෑ ආගමක් නම් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයයි. සියලු ආගම් වලට සාපෙක්ෂ කරණු දෙකක් නම් මනුෂ්‍යා කිසියම් වූ හේතුවක් නිසා දෙවියන්ගෙන් වෙන්වී ඇති බවයි. එමනිසා නැවත සම්බන්ධ කිරීමක් අවශ්‍ය බවයි. ව්‍යාජ ආගම් මෙම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට නීති හා චාරිත්‍ර මගින් කිරීමට උත්සහා දරයි. සැබෑ ආගම පවසන දේ මෙම සම්බන්ධතාවය ගොඩ නැගීමට හැකි වන්නේ දෙවියන් වහන්සේට පමණක් බවයි. මේ වනවිටත් උන් වහන්සේ එය කර ඇති බවයි. සැබෑ ආගම පහත සඳහන් දේවල් තේරුම් ගෙන තිබේ.

• අප සියල්ලෝ පව් කොට දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටියි (රෝම 3:23).

• නිවැරදි කිරීමක් නොවුනොත්, පාපයේ කුලිය මරණය වේ. එමෙන්ම මරණයෙන් පසුත් දෙවියන් වහනාසේගෙන් වෙන්වේ (රෝම 6 :23).

• දෙවියන් වහන්සේ යේසුස් නම් මිනිස් රුව ගෙන ඇවිත් අපගේ පාපයට වන්දියක් ලෙස තම ජීවිතය අප වෙනුවෙන් පිදූ බවයි. අපගේ දඬුවම උන් වහන්සේගේ පිට ගත් බවයි. එසේම උන් වහන්සේ මරණයෙන් උත්ථානවුනේ උන් වහන්සේගේ මරණය සියලු පාප වලට සෑහෙන පූජාව බව සනාථ කරීමයි (රෝම 5 :8; 1 කොරින්ති 15 :3-4; 2 කොරින්ති 5 :21).

• යේසුස් වහන්සේ අපගේ ගැලවුම්කාරයා හැටියට පිළිගතහොත්, උන් වහන්සේගේ මරණය අපගේ පාපයන්ට සම්පූර්ණ මිලයවූ බවට පිළිගැනීම, අපට සමාව ඇති බව, ගැලවීම ඇති බව, මිදීම ඇති බව, අළුත් කර ඇති බව, දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිවැරදි මනුෂ්‍යයන් ලෙස සිටීමට හැකි වීම (යොහන් 3 :16; රෝම 10 :9-10; එපීස 2 :8-9).

සැබෑ ආගම් වල නීති හා චාරිත්‍ර තිබේ, නමුත් එහි වෙනසක් තිබේ. නීති හා චාරිත්‍ර දෙවියන් වහන්සේ සපයා ඇති ගැලවීමට අමතරව ඇති දේවල්ය. ඒවා ගැලවීම ලැබීමට හේතු සාධක නොවේ. සැබෑ ආගම ක්‍රිස්තියානි ධර්මය පිළිපැදිය යුතු නීති තිබේ, (මිනී නොමරව, වෛශ්‍යාකම් (කාමමිථ්‍යාචාරය) නොකරව, බොරු නොකියව). එමෙන්ම පිළිපැදිය යුතු චාරිත්‍රද ඇත, (වතුර බවිතිස්මය (ගිල්වීමෙන්), හා ස්වාමින් වහන්සේගේ මේසය (රාත්‍රි භෝජනය) මේ චාරිත්‍ර පිළිපැදීමෙන් පමණක් මිනිසා නොගැලවේ. මේ චාරිත්‍ර ගැලවීමේ ප්‍රතිඵලයි. එය යේසුස් වහන්සේ ගැලවුම්කරුවා ලෙස ඇදහීමෙන් කරුණාව නිසා ලැබූ ගැලවීමයි. ව්‍යාජ ආගම් (නීති හා චාරිත්‍ර) අනුගමනය කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රසන්නභාවය ලැබීමටය. සැබෑ ආගම යේසුස් වහන්සේ ගැලවුම්කාරයා හැටියට එතැන් පටන් දෙවියන් වහන්සේ හා සමග නිවැරදි සම්බන්ධතාවයක් ගොඩ නැගීම. ඊට පසු යම් යම් දේ කරයි (නීති හා චාරිත්‍ර) ඒවා දෙවියන් වහන්සේට ඇති ප්‍රේමය හා උන් වහන්සේට කිට්ටුවීමට ඇති ආසාව නිසා කරයි.

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සැබෑ ආගම නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries