settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙනවාද?

පිළිතුර


යොහන් 9:31 පවසනවා, “දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙක්ව උන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව.” එසේම පවසනවා “පව්කරුවෙකුගේ එකම යාච්ඤාවයි දෙවියන් වහන්සේ අසන්නේ එය නම් ගැලවීමේ යාච්ඤාව” පිළිතුරක් ලෙස සමහරු විශ්වාස කරනා දෙය නම් දෙවියන් වහන්සේ නොඇදහිලිවන්තයෙකුගේ යාච්ඤාවන්ට ඇහුම්කම් නොදේ / එසේම කිසිම විටක පිළිතුරුද නොදෙන බවය. යොහාන් 9:31 පදයෙහි දෙවියන් නොඇදහිලිවන්තයෙක් තුළ හාස්කම් සිදු නොකරන බව පැවසුවත් 1 යොහන් 5:14-15 හි අපට පවසනවා උන් වහන්සේගේ කැමැත්ත පරිදි ඉල්ලනවා නම් දෙවියන් වහන්සේ අපගේ යාච්ඤාවට පිළිතුරු දෙන බවට, උන් වහන්සේගේ කැමැත්ත පරිදි ඉල්ලන යාච්ඤාවකට පිළිතුරු දීමෙන් උන් වහන්සේව වලකන්න කිසිවකට බෑ.

සමහර ලියවිලි කොටස්වල දෙවියන් වහන්සේ නොඇදහිලිවන්තයෙකුගේ යාච්ඤාවලට පිළිතුරු දුන් අයුරු සඳහන් කරයි. මෙවැනි තත්වයන් බොහෝමයක යාච්ඤාව ඇතුලත් එකක හෝ දෙකක, දෙවියන් වහන්සේ හදවතේ ගැස්මට ප්‍රතිචාර දක්වා ඇත (එම ඇසීම කෙලින්ම දෙවියන් වහන්සේ වෙතට යොමු වූවක් දැයි ප්‍රකාශ නොවේ). මෙවැනි තත්ව සමහරක යාච්ඤාව පසුතැවීම සමග සම්බන්ධවී ඇත. නමුත් අනෙක් තත්ව වල යාච්ඤාව පොළොවේ අවශ්‍යතාවයන් හා ආශීර්වාද උදෙසා පමණක්, දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ අනුකම්පාවට එසේත් නැතිනම් සැබෑ ඇදහිල්ල හෝ සෙවීමට ප්‍රතිචාරයක් ලෙසට. නොඇදහිලිවන්තයෙකුගේ යාච්ඤාවට කටයුතු කිරීම් පහත සඳහන් කරයි.

නිනිවයේ මිනිසුන් යාච්ඤා කරා නිනිවය ඉතුරු කරන්න කියා (යෝනා 3:5-10). දෙවියන් වහන්සේ එම යාච්ඤාවට පිළිතුරු වශයෙන් නිනිවය විනාශ නොකළේය ඔහුගේ සැලසුම ලෙසට.

හාගර් ඇගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ව ආරක්‍ෂා කරන මෙන් දෙවියන් වහන්සේගෙන් ඇයද සිටියේය (උත්පත්ති 21:14-19). දෙවියන් වහන්සේ ඉෂ්මායෙල්ව ආරක්‍ෂා කළා පමණක් නොව, දෙවියන් වහන්සේ ඔහුට මහත් ආශීර්වාදයක් දුන් සේක.

1 රාජාවලිය 21:17-29 හී විශේෂයෙන් 27-29 පදවල, ආහබ් එලියා විසින් ඔහුගේ පරම්පරාව පිළිබඳව දුන් අනාගතවාක්‍ය පිළිබඳව අඬමින් නිරාහාරව සිටියා. දෙවියන් වහන්සේ ආහබ්ගේ කාලයේදී එම පීඩාව ගෙන ඒමෙන් වැළකුනි.

තීර් හා සීදොන් ප්‍රදේශවලින් ආ අන්‍ය ජාති ස්ත්‍රිය යේසුස් වහන්සේ තම දියණිය යක්‍ෂයාගේ බන්ඳනයෙන් මුදවන ලෙස ඉල්ලීය (මාර්ක් 7:24-30). යේසුස් වහන්සේ ඒ ස්ත්‍රියගේ දියණිය තුළ සිටි යක්‍ෂයා පලවා හැරියේය.

කොර්නේලියස්, රෝම සියයට මුලාදෑනියා ක්‍රියා 10 හී, ප්‍රේරිතවූ පේතෘස්ව කොර්නේලියස් වෙතට යවනු ලැබුවේ ඔහුගේ ධර්මිෂ්ඨ ජීවිතයට ප්‍රතිචාරයක් ලෙසට. ක්‍රියා 10:2 හි අපට පවසනවා “කොර්නේලියස් දෙවියන් වහන්සේට නිතර යාච්ඤා කළ බවට.”

දෙවියන් වහන්සේ ඇදහිලිවතුන් හා නොඇදහිලිවතුන් යන දෙවර්ගයටම අදාලවන ලෙස පොරොන්දු දෙනවාද? යෙරමියා 29:13 “නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.” මෙයයි ක්‍රියා 10:1-6 හි කොර්නේලියස්ගේ තත්වයද මෙයයි. නමුත් බොහෝ පොරොන්දු තිබෙනවා පද කොටසට අනුව, කිතුනුවන්ට පමණි. මක්නිසාද කිතුනුවන් යේසුස් වහන්සේව ගැලවුම්කරුවා ලෙසට පිළිගෙන ඇති නිසා. ඔවුන්ව දිරි ගන්වා තිබෙනවා බියක් නොමැතිව කරුණාවේ සිංහාසනයට උපකාරය අවශ්‍ය අවස්ථාවේදී (හෙබ්‍රෙව් 4:14-16). දෙවියන් වහන්සේගේ කැමැත්තට අප යමක් ඉල්ලුවහොත්, උන් වහන්සේ අසා අප ඉල්ලන දෙය අපට දෙනවා යන්න අපට පවසා ඇත (1 යොහන් 5:14-15). යාච්ඤාව පිළිබඳව බොහෝ පොරොන්දු කිතුනුවන්ට (මතෙව් 21:22, යොහන් 14:13; 15:7). එමනිසා, ඔව්, සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ නොඇදහිලිවන්තයන්ගේ යාච්ඤා වලට පිළිතුරු නොදේ. එම අවස්ථාවේම, උන් වහන්සේගේ කරුණාව හා දයාව තුළින්, නොඇදහිලිවන්තයන්ගේ යාච්ඤාව නිසා ඔවුන්ගේ ජීවිත වලට උපකාරයක් කරන අවස්ථාද ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries