ප්‍රශ්නය
උපයෝග්‍යතාවාදය යනු කුමක්ද?
පිළිතුර
උපයෝග්‍යතාවාදයේ හරය නම් සන්තුෂ්ටිය / සන්තෝෂය සහ දොම්නස / වේදනාව යන සංකල්පයයි. උපයෝග්‍යතා දර්ශණවාදය සන්තුෂ්ටිය වර්ධනය කර දොම්නස / වේදනාව අඩු කරන්නාවූ ඕනෑම දෙයක් "යහපත්" ලෙස දකී. ධය ප්‍රතිඵලයේ දර්ශණ වාදයයි. යම් ක්‍රියාවක ප්‍රතිඵලය සන්තෝෂය / සන්තුෂ්ටිය වර්ධනය කර දොම්නස / වේදනාව අඩු කරන්නේ නම්, එම ක්‍රියාව "යහපත්" ලෙස සළකනු ලැබේ. එහි අධිෂ්ඨානය නම්, උපයෝය්‍යතාවාදය යනු සුඛ පරමවාදී දර්ශණ වාදයයි. උපයෝග්‍යතාවාදයේ ඉතිහාසයේ අනුරේඛනය පුරාණ ග්‍රීක දර්ශණවාදියෙකු වන එපිකියුරස් දක්වා විහිදී යන නමුදු චින්තන ගුරුකුලයට අනුව උපයෝග්‍යතාවාදයේ ගෞරවය ලබන්නේ බ්‍රිතාන්‍ය ජාතික ජෙරමි බෙන්තම්ය.
උපයෝග්‍යදාවාදයේ ඇති සමහර දුෂ්කරකාර්යයන් මොනවාද? පළමුව එය ප්‍රතිඵලය වෙත අවධානය යොමු කර ඇත. නමුත් යාතාර්ථය නම් ප්‍රතිඵලය යහපත් වූ බැවින් ක්‍රියාව යහපත් නොවේ. "මනූෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය. නමුත් ස්වාමීන් වහන්සේ සිත බලන සේකැයි කීසේක" (1 සාමුවෙල් 16:7). දෙවියන් වහන්සේ ප්‍රතිඵලය දෙස නොබලන අතර එතුමන් හදවතෙහි අභිප්‍රාය දෙස බලන සේක. යහපත් ක්‍රියාවන් අයහපත් අභිප්‍රායන් සමඟ දෙවියන් වහන්සේව ප්‍රසන්න නොකරයි. සැබවින්ම, අනෙකුත් අයගේ අභිප්‍රායන් අපට දැකිය නොහැකිය. එලෙසම අපට අපගේම අභිප්‍රායන් පවා මුළුමනින්ම හදුනා ගැනීමේ හැකියාවක් නැත. නමුත් එය නිදහසට කරුණක් නොවේ. අප සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි පෙනී සිට අපගේ ක්‍රියාවන් ගැන ගණන් දීමට ඇත.
උපයෝග්‍යතාවාදය පිළිබඳ දෙවන ප්‍රශ්ණය නම් සැබවින්ම යහපත් වූ දෙයට විරුද්ධව සන්තුෂටිය / සන්තෝෂය සඳහා අවධානය යොමුකොට ඇත. සන්තුෂටිය / සන්තෝෂයෙහි මනූෂ්‍ය අර්ථ නිරූපණය නම් යහපත වන අතර එබැවින් එය ආත්මරූපි විෂය බද්ධ එකක් විය හැකිය. කෙනෙකුට සතුට / සන්තෝෂය ගෙන දෙන යමක් තව කෙනෙකුට එසේ නොවිය හැකිය. බයිබලයට අනුව යහපතේ අර්ථ නිරූපණය නම් දෙවියන් වහන්සේය, (ගීතාවලිය 86:5, 119:68) සහ දෙවියන් වහන්සේ වෙනස් නොවන බැවින් (යාකොබ් 1:17), යහපතයන්නෙහි අර්ථ නිරූපණයද වෙනස් වන්නේ නැත. එමෙන්ම, එය ආත්මාරූපී වන අතර ආත්මරූපී විෂය බද්ධ නොවේ. යහපත්කම මනුෂ්‍යය අභිමතය මත හෝ කාලයට අනුව උච්චාවචනය නොවේ. තවදුරටත් යහපත්කම සන්තුෂ්ටිය සමඟ සමාන කිරීමෙන්, යහපත්කම යන්නෙහි අර්ථ නිරූපණය අවදානමට ලක් කරන්නේ එය අපගේ මාංසික ආශාවන් යන පදනම / අත්තිවරාම මත සිටය. සුඛපරමවාදී දිවියකට වසඟවි සිටින්නන් නිසා මෙය සාක්‍ෂි සහිතව ඔප්පු වෙන අතර, සන්තුෂ්ටිය / සන්තෝෂය සඳහා යමෙක් ඉඩ දෙන තරමට එහි ඇති තීව්‍රභාවය අඩුවෙන අතර තමන් ආශා කරන සන්තුෂ්ටිය ළඟා කරගැනීම සඳහා තවදුරටත් යඑට ඉඩදීම සිදුකළ යුතුව ඇත. එනම් හීනවන ඵලදා න්‍යාය සන්තුෂ්ටිය සඳහා යෙදවීමකි. මෙම ක්‍රමයට හොඳ උදාහරණයක් වන්නේ මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ය. තමන් බලාපොරොත්තු වන එම උච්චස්ථානයට ළඟාවීම සඳහා කලින් කලට මත්ද්‍රව්‍ය වැඩි කළ යූතුව ඇත.
උපයෝග්‍යතාවාදයේ තුන්වෙනි ප්‍රශ්ණය නම් වේදනාව / දොම්නස මඟ හැරීමය. සෑම දොම්නසක්ම / වේදනාවක්ම අයහපත් නොවේ. දොම්නස තුළ සිටීම සහ වේදනාවෙන් සිටීම යහපත් නොවන නමුත් එය යහපතකට ගෙන යා හැකිය. මනුෂ්‍යය සංහතියේ ඉතිහාසය පිරී ඇත්තේ අත්වැරදීම් තුළින් ඉගෙනගැනීම් වලින්ය. බොහෝ අය කියන්නාක්සේ පරාජය හොඳම ගුරුවරයාය. කිසිවෙකු දොම්නස / වේදනාව ක්‍රියාශීලීව සොයා යා යුතුය යන අධිවදන් නොපවසයි. නමුත් දොම්නස / වේදනාව නපුරු බැවින් එය අත්හල යුතුය / මඟ හැරිය යුතුය යන්න අව්‍යාජය. දෙවියන් වහන්සේ වඩා උනන්දුවක් දක්වන්නේ සන්තෝෂයට වඩා අපගේ ශුද්ධකම පිළිබඳවය. එතුමාගේ අනුශාසනය නම් එතුමාගේ සෙනඟට එතුමා ශුද්ධව සිටින බැවින් ශුද්ධව සිටින ලෙසය (ලෙවි කථාව 11:44, 1 පේත්‍රස් 1:15-16). අනේකාර විවිධ පරීක්‍ෂා වලට වැටෙන කල්හි එය ප්‍රීතියක් කොට සලකන ලෙස බයිබලය පවසයි (යාකොබ් 1:2-4) එසේ පවසන්නේ පරීක්‍ෂාවන් ප්‍රීතිය ගෙන දෙන නිසා නොව, නමුත් පරීක්‍ෂාවන් උට්ඨාන වීර්යයන්ට සහ විශ්වාසවන්ත භාවයන්ට යොමු කරවන බැවින්ය.
මෙි සියලුම දේ තුළින් උපයෝග්‍යතාවාදය දර්ශන විද්‍යාව ජීවිතය හැකි තරම් දුරට දොම්නස / වේදනාව / දුක තොර, දිවියකට හැකි තරම් සෙනඟක් වෙත ළඟා කරදීමේ උත්සාහයක යෙදේ. මතුපිටින් එය අගය කළයුතු ඉලක්කයක් ලෙස පෙනේ. ලොව පුරා දුක් විඳින ජනතාව ඉන් මුදවාලීමට කාටද අවශ්‍යතාවයක් නැත්තේ? පොළොවෙහි ජීවිතයෙන් එහා පැවැත්මක් පිළිබඳ බයිබලය පවසයි. අප ජීවත්වන්නේ මේ පොළොවෙහි ප්‍රීතිය උපරිම ලෙස භුක්ති විඳීමට නම්, අපට ඇති විශාල ඉමහත් යථාදර්ශණය අපගෙන් ගිලිහී යයි / මඟහැරී යයි. මෙම ජිවිතය සඳගා පමණක් ජීවත් වන අය ඉමහත් කළකිරීමකට ලක්වන බව යේසුස් වහන්සේ පවසන ලදි (මතෙව් 6:19). සදාකාලිකත්වයේදී අප ලබන්නට යන මහිමයට මේ කිසිවක් සංසන්දනය කළ නොහැකි බව අපෝස්තුලු පාවුල්තුමා පවසන ලදී (2 කොරින්ති 4:17). මෙම පොළෙවෙහි ජීවිතය අනිත්‍ය සහ තාවකාලික වේ (පදය 18). අපගේ එල්ලය / ඉලක්කය විය යුත්තේ මෙම පොළොවෙහි අපගේ ජීවිතය නොව, ස්වර්ගයෙහි මහිමය උපරිම ලෙස ලබා ගැනීමය.
English
උපයෝග්‍යතාවාදය යනු කුමක්ද?