settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ ශාකභක්ෂකයෙක්ද? කිතුනුවෙක් ශාකභක්ෂයෙක් විය යුතුද?

පිළිතුර


යේසුස් වහන්සේ ශාක පමණක් අනුභව නොකළ සේක. බයිබලයේ ලූක් 24:42-43 පවසනවා උන් වහන්සේ මාළු අනුභව කළ බවත්, බැටළු මස් අනුභව කළ බවත් ලූක් 22:8-15 අපට පැහැදිලිව අනාවරණය වේ. සැබවින්ම යේසුස් වහන්සේ ශාකභෝජකයෙක් වී සිටියා නම් එදා උන් වහන්සේ පසුපස ආ සෙනගට රොටි සහ මාළු හාස්කමක් ලෙස මවා දීම උන් වහන්සේට නුහුරු නුපුරුදු කාර්යයක් විය යුතුයි (මතෙව්14:17-21). යේසුස් වහන්සේගේ ගෝලයෙක් වූ අපෝස්තලික පේදුරුගේ දර්ශනය අනුව, යේසුස් වහන්සේ විවෘතව අවධාරණය කර සිටියේ මාංශ ඇතුළත් සියලුම කැම පිරිසිදු බවත්ය (ක්‍රියා 10:10-15). නෝවාගේ කාලයේ පැවති ගංවතුරට පසු දෙවියන් වහන්සේ මනුෂ්‍යය සංහතියට අවසර ලබා දුන්නේ සියලු මාංශ අනුභව කිරීමේ අයිතියයි (උත්පත්ති 9:2-3). දෙවියන් වහන්සේ කිසි දිනක මෙම අවසරය හෙවත් ආඥාව අවලංගු කළේ නැත.

එම ප්‍රකාශයත් සමග කිතුනුවෙකු ශාකභකශයෙකු වීමේ වරදක් නොමැත. බයිබලයේ කිසි දිනක මාංශ අනුභව කිරීමට අපට ආඥා නොකරයි. මාංශ අනුභව නොකර එයින් වැළකී සිටීමත් වරදක් නොවේ. සැබවින්ම බයිබලය අපට පවසන්නේ අන් අයගේ විවිධාකාර වූ ආහාර රටා හා ඔවුන්ගේ කෑම පිළිබඳව වරද නොතැබීමටයි . රෝම14:2-3 අපට පවසන්නේ, “සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාස කරන්නේය, නමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය. කන තැනැත්තා නොකන තැනැත්තා සුළු කොට නොසිතාවා, නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන් වහන්සේ ඔහු පිළිගත් සේක.

නැවතත් ගංවතුරෙන් පසු දෙවියන් වහන්සේ මිනිස් සංහතියට මාංශ අනුභව කිරීමට අවසර දුන් සේක (උත්පත්ති 9:3). පැරණි ව්‍යවස්ථා නීතිය අනුව, සමහර ආහාර වර්ග වලින් වැලකී සිටීමට ඊශ්‍රායෙල් ජාතියට අණ ලැබී තිබුණි (ලෙවී කථාව 11:1-7). නමුත් මාංශ අනුභව කිරීමට එරෙහිව කිසිඳු නීතියක් අණ නොකරන ලදි. යේසුස් වහන්සේ ප්‍රසිද්ධව ප්‍රකාශ කර සිටියේ මාංශද ඇතුළත් ඕනෑම ආහාර වර්ගයක් අනුභව කිරීමට නම් එය පිරිසඳු විය යුතු බවයි (මාර්ක් 7:19). කිතුනුවෙකු ලෙස අනුභව කිරීමට දී තිබෙන සෑම දෙයකින්ම ආරක්‍ෂාව ලබා ගැනීමට සැමවිටම දෙවියන් වහන්සේට අප යාච්ඤා කළ යුතුයි. අප ස්තුතිවන්ත හදවතකින් අනුභව කරන්නාවූ සෑම ආහාරයක් දෙවියන් වහන්සේ පිළිගන්නාවූ ආහාරයි (1 තෙසලෝනක 5:18). එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරපල්ලා (1 කොරින්ති 10:31).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ ශාකභක්ෂකයෙක්ද? කිතුනුවෙක් ශාකභක්ෂයෙක් විය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries