ප්‍රශ්නය
කන්‍යා උපත එතරම් වැදගත් වන්නේ ඇයි?
පිළිතුර
කන්‍යා උපතේ මූලධර්මය ඉතාමත්ම වැදගත් (යෙසායා 7:14,මතෙව් 1:23, ලූක් 1:27, 34). මේ ආශීර්වාදාත්මක අවස්ථාව පිළිබඳ ලියවිල්ලේ සඳහන් වන්නේ කුමක් දැයි අපි පළමුව අවධානය දෙමු. මරියාගේ ප්‍රශ්ණයට ප්‍රිතිචාරයක් ලෙස “කෙසේද?” ගාබ්‍රියෙල් පවසනවා “ශුද්ධාත්මයාණන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙන සේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසා ගන්නේය” (ලූක් 1:35). දේව දූතයා ජෝසෙප්ට මරියා විවාහ කරගැනීමට ධර්‍යමත් කරයි මෙවැනි වදනින් “ඈ තුළ පිළිසිඳුනවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොට ගෙනය” (මතෙව් 1:20). මතෙව් එය විග්‍රහ කරන්නේ කන්‍යාව ශුද්ධාත්මයාණන් කරණකොට ගෙන දරුවා පළිසිඳ ගත් බවය (මතෙව් 1:18). (ගලාති 4:4) හිත් කන්‍යා උපත ගැන ඉගැන්වීමක් කරයි “දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපන් තමන් වහන්සේගේ පුත්‍රයා එවූසේක”.
මෙම බයිබල් පද කියවීමෙන් අපට ඉතාමත් පැහැදිලි කරුණ නම් යේසුස් වහන්සේගේ උපත ශුද්ධාත්මයාණන් වහන්සේ මරියාගේ ශරීරය තුළ ක්‍රියාත්මක වීම හටගත් ප්‍රථිපලයක් බවය. නොපෙනෙන්නාවූ (ආත්මයක්) පෙනෙන්නාවූ (මරියාගේ ගර්භයත්) මේ ක්‍රියා කාරිත්වයට අදාල විය. මරියාට කිසිමවිටක තනිව ගැබි ගැනීමට නොහැකිය. එම කරුණ සලකා බලන විට ඇය සාමාන්‍යයෙන් “භාජනයක්” පමණි. දෙවිදුන් පමණි මේ මාංසගතවීමේ හාස්කම කිරීමට හැකි එකම තැනැත්තා.
යේසුස් වහන්සෙත් මරියාත් අතර මාංසික සබඳතාවක් ඇති බව පිළිනොගන්නවා නම් එයින් යේසුස් වහන්සේ සත්‍යයෙන්ම මනුෂ්‍යයකු නොවේයැයඳ අදහස් කරයි. නමුත් ලියවිල්ලේ අපට යේසුස් වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් බවට ප්‍රකාශ කරයි. අපට මෙන් ශරීරයක්ද උන් වහන්සේට විය. මෙය උන් වහන්සේ ලැබුවේ මරියාගෙන්. එම අවස්ථාවේදීම යේසුස් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේ. සදාකාලික, පාපය රහිත ස්වභාවයෙන්. (යොහාන් 1:14, 1 තිමොති 3:16 සහ හෙබ්‍රෙව් 2:14-17) බලන්න.
යේසුස් වහන්සේ පාපය තුළ ඉපදුනේ නැත. එම නිසා තමයි උන් වහන්සේට පාපයේ ස්වභාවයක් නැත්තේ (හෙබ්‍රෙව් 7:26). මන්ද පාපය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ පියා කරණකොට ගෙනය (රෝම 5:12. 17, 19). කන්‍යා උපත කරණකොට ගෙන පාපය මඟ හරවා දෙවියන් වහන්සේට සම්පූර්ණ මනුෂ්‍යකු වීමට හැකි විය.
English
කන්‍යා උපත එතරම් වැදගත් වන්නේ ඇයි?