settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ අදටත් මනුෂ්‍යයන්ට දර්ශන දෙනවාද? ඇදහිලිවන්තයන් දර්ශන ඔවුන්ගේ කතුනු ජීවිතයේ කොටසක් හැටියට සිතිය යුතුද?

පිළිතුර


අද මිනිසුන්ට දර්ශන දීමට දෙවියන් වහන්සේට පුලුවන්ද? ඔව්! දෙවියන් වහන්සේ මිනිසුන්ට අද දර්ශන දෙනවාද? දෙන්න පුළුවන්. දර්ශන සාමාන්‍ය සිදුවීමක් ලෙසට බලාපොරොත්තු විය හැකිද? නැත. බයිබලයේ සඳහන් පරිදි, දෙවියන් වහන්සේ මිනිසුන්ට බොහෝ දර්ශන වලින් කථා කළා. උදාහරණ: යොසෙප් යාකොබ්ගේ පුත්‍රයා, යොසෙප් මරියාගේ ස්වාමිපුරුෂයා, සලමොන්, යෙසායා, එසෙකියෙල්, දානියෙල්, පේතෘස් හා පාවුල්. අනාගතවකතෘ යෝවෙල් දර්ශන වැගිරීමක් දිවැසින් කව්වා, එය ස්ථීර කළා පේතෘස් තුමා ක්‍රියා දෙවන පරිච්ඡේදයේ. සිහිනයක හා දර්ශනයක වෙනස තේරුම් ගැනීම වැදගත්. දර්ශනයක් ලැබෙන්නේ මිනිසා අවදිව සිටින විට. සිහිනයක් ලැබෙන්නේ ඔහු නිදා සිටින විටයි.

ලෝකයේ බොහෝ කොටස් වල දෙවියන් වහන්සේ දර්ශන හා සිහින බොහෝ විට පාවිච්චි කරයි. ශුභාරංචිය සුලුවෙන් හෝ නැති ස්ථාන වල, මනුෂ්‍යයන්ට බයිබල් නැති ස්ථාන වල, දෙවියන් වහන්සේ උන් වහන්සේගේ පණිවිඩය සිහින හා දර්ශන වලින් ගෙන යයි. මෙය මුල් භාගයේදී දෙවියන් වහන්සේ තමාගේ සත්‍යතාවය මිනිසුන්ට හඳුන්වා දීමට බොහෝවිට පාවිච්චි කරපු ක්‍රමයකි. දෙවියන් වහන්සේ තමාගේ පණිවිඩයක් දීමට අවශ්‍ය නම් මනුෂ්‍යයෙකුට උන් වහන්සේට අවශ්‍යයි හිතන ඕනම දෙයක් පාවිච්චි කරයි. ධර්මදූත සේවකයෙක්, දේවදූතයෙක්, දර්ශන හෝ සිහින. නියත වශයෙන්, දෙවියන් වහන්සේට හැකියාව තිබෙනවා දර්ශන දීමට, ශුභාරංචිය එවන විටත් තිබෙන ස්ථාන වලටත්. දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේවලට සීමාවක් නැත.

එම අවස්ථාවේදීම, අපි පරෙස්සම් විය යුතුය දර්ශනයක් හා දර්ශනයක් පරිවර්ථනය කිරීමේදී. අපි මතක තබා ගත යුතුයි බයිබලය ලියා ඉවර බවට, එමෙන්ම අපි දැන ගන්න ඕන සියල්ලම එහි ලියා තිබෙන බවද. මූලික සත්‍ය නම් දෙවියන් වහන්සේට දර්ශනයක් දීමට අවශ්‍ය නම් එය උන් වහන්සේ අපට දී ඇති වචනයට එකඟ වනවාමයි. දර්ශනය කිසිම විටක වචනයට සමානව හෝ ඊට වඩා මහත් ආධිපත්‍යක් නොදරයි. දෙවියන් වහන්සේගේ වචනයයි අපගේ අවසාන ආධිපත්‍ය කිතුනු ඇදහිල්ල හා ක්‍රියාවට. ඔබට දර්ශනයක් තිබේ යැයි ඔබ සිතනවා නම්, එය දෙවියන් වහන්සේ දුන්නා යැයි සිතනවා නම්, යාච්ඤාවෙන් දේව වචනය පරික්‍ෂාකර බලන්න. බලන්න ඔබගේ දර්ශනය බයිබලයට අනුකුලද කියා. ඊට පසු යාච්ඤාවෙන් තේරුම් ගන්න ඔබගෙන් එම දර්ශනයට ප්‍රතිචාරය දෙවියන් වහන්සේ ඉල්ලන්නේ කිනම් ලෙසටද කියා (යාකොබ් 1:5). දෙවියන් වහන්සේ මිනිසාට දර්ශනයක් දී එහි තේරුම සඟවා නොතබයි. ලියවිල්ලේ, පුද්ගලයෙක් දෙවියන් වහන්සේගෙන් අසනවිට දර්ශනයේ තේරුම, දෙවියන් වහන්සේ එය තේරුම් කර දීමටද අමතක නොකරයි (දානියෙල් 8:15-17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ අදටත් මනුෂ්‍යයන්ට දර්ශන දෙනවාද? ඇදහිලිවන්තයන් දර්ශන ඔවුන්ගේ කතුනු ජීවිතයේ කොටසක් හැටියට සිතිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries