settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවන් ඡන්දය දැමීම දෙවියන්වහන්සේ අපේක්ෂා කරන්නේද?

පිළිතුර


ඡන්දය දැමීම සෑම කිතුනුවෙකුගේම යුතුකමක් හා වගකීමක් මෙන්ම කිතුනු මූලධර්ම වලට අනුග්‍රහ දක්වන නායකයන් උදෙසා ඡන්දය දැමිය යුතුය යන්න අපගේ තර්කයයි. දෙවියන්වහන්සේ ඒකාන්තයෙන්ම පාලනය් සිටින නමුත් උන්වහන්සේගේ අභිප්‍රාය ඉටු කිරීම උදෙසා අප කිසිවක් කළ යුතු නැතැයි ඉන් අදහස් වන්නේ නැත. අපගේ නායකයන් උදෙසා යාච්ඤා කිරීමට අපට අණ කර ඇත (1 තිමෝති 2:1-4). දේශපාලනමය සහ නායකත්වය සම්බන්ධ කාරණාවන්හිදී නායකත්වය සඳහා අපගේ සමහර තෝරාගැනීම්වලදී දෙවියන්වහන්සේ අසතුටු වූ අවස්ථාවන් වලට සාක්ෂි ශුද්ධ ලියවිල්ලේ සඳහන්ය (හොසියා 8:4). මෙලොව පාපයේ ග්‍රහණයට සාක්ෂි සෑම තැනකම ඇත. පොලොවේ ඇති බොහෝ දුක් පීඩාවන්ට හේතුව වී ඇත්තේ භක්තියක් නොමැති නායකත්වයයි (හිතෝපදේශය 28:12). ස්වාමින් වහන්සේගේ අණ පණත් වලට විරුද්ධ නොවන නීත්‍යානුකුල අධිකාරියකට අවනත වීමට කිතුණුවන් හට උපදෙස් ශුද්ධ ලියවිල්ල ලබා දෙන්නේය (ක්‍රියා 5:27-29; රෝම 13:1-7). අපගේ මැවුම්කරුවාණන් විසින් මෙහෙයවනු ලබන නායකයන් තෝරා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීම නැවත උත්පාදනය වූ ඇදහිලිවන්තයන් ලෙසින් අපගේ යුතුකමවේ (1 සාමුවෙල් 12:13-25). ජීවිතය, පවුල, විවාහය හෝ ඇදහිල්ල සම්බන්ධ බයිබලයේ අණපණත් කඩ කරනු ලබන අපේක්‍ෂකයන්ට හෝ යෝජනාවන්ට කිසිවිටෙක සහය දැක්විය නොයුතුය (හිතෝපදේශය 14:34). දේවවචනය සහ ඡන්ද පත්‍රිකාවේ මනාප යථාර්ථයන් අධ්‍යනය කරමින් යාච්ඤාවෙන් මග පෙන්වන අයුරින්. කිතුණුවන් ඡන්දය දැමිය යුතුය.

මෙලොව බොහෝ රටවල කිතුණුවන් හිංසා පීඩා වලට ගොදුරු වෙති. රජයක් වෙනස් කිරීමට තරම් ඔවුන් බලවත් නොවන අවස්ථාවන්හිදී හා ඔවුන්ගේ ඇදහිල්ල හෙලා දකිමින් ඔවුන්ගේ හඬවල් නිහඬ කරන රජයන් යටතේ ඔවුන් පීඩා විඳිති. මෙම ඇදහිලිවන්තයන් තම දිවි පරදුවට තබා ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය දේශනා කරති. තමා හෝ තම පවුල ගැන බිය නොවී ඔවුන්ට අවශ්‍ය නායකයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කථා කිරීමේ අයිතියෙන් එක්සත් ජනපදයේ කිතුණුවෝ ආශිර්වාද ලද්දෝය. සෑම නාමික කිතුණුවන් 5 ගෙන් 2 නෙකු පමණ එම අයිතිය සළකමින් එක්සත් ජනපදයේ මෑත ඡන්ද වලදී ඡන්දය නොදැමුවෝය. යෝග්‍ය නාමික කිතුණුවන් 5 දෙනෙකුගෙන් 1 කෙනෙක් පමණ ඡන්දය දීමට ලියාපදිංචි වී හෝ නොතිබිණ.

ක්‍රිස්තුස් වහන්සේගේ නාමය සහ ශුභාරංචිය පොදු ක්ෂේත්‍රයන්ගෙන් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට වෙර දරන බොහෝ දෙනෙක් අපගේ වර්තමාන කාලයේ සිටී. ඡන්දය දැමීම දේව භක්තික රජයක් ප්‍රචලිත කර ආරක්ෂා කරමින් පවත්වාගෙන යාම සඳහා එක් අවස්ථාවකි. එම අවස්ථාව මගහැරීම යනු ක්‍රිස්තුස් නාමය අවතක්සේරු කරන්නන් හට රිසි පරිද්දෙන් අපගේ ජීවිත මෙහෙයවන්නට ඉඩ හැරීමකි. අප තෝරා ගන්නා හෝ ඉවත් කිරීමට කිසිවක් නොකරන නායකයන් අපගේ නිදහසට ප්‍රබල බලපෑමක් ඇති කරයි. නමස්කාර කිරීමේ සහ ශුභාරංචිය පැතිරවීමේ අපගේ අයිතිය සුරැකීම හෝ සීමා කිරීම ඔවුන්ට තෝරා ගත හැකිය. අපගේ දේශය ධර්මිෂ්ඨත්වය කරා හෝ අධර්මිෂ්ඨ විනාශය කරා මෙහෙයවීමට ඔවුන්ට හැකිය. කිතුණුවන් වශයෙන් අපගේ සිවිල් යුතුකම් සම්පූර්ණ කිරීම සඳහා අපගේ අණ පණත් පිළිපදිමින් පෙළ ගැසිය යුතුය. (මතෙව් 22:21).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවන් ඡන්දය දැමීම දෙවියන්වහන්සේ අපේක්ෂා කරන්නේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries