settings icon
share icon
ප්‍රශ්නය

සාතන් කව්ද?

පිළිතුර


මනුෂ්‍යන් සාතන් ගැන ගත් කළ විශ්වාස කරන දෙය නම් මෝඩ කමට ඇඳගැනීමේ පාරාසයක් ඇති, කුඩා රතු පුද්ගලයා අංසහිතව ඔබව පාපයට පොළඹවන පිණිස ඔබගේ උරහිස මත වාඩිවී සිටින. පාපයේ පුද්ගලත්වාරෝපණය පැහැදිලි කිරීමට ඉදිරිපත් කරන ප්‍රකාශයක්. බයිබලය කෙසේ වෙතත් අපට ඉතා පැහැදිලි පින්තාරුවක් දෙනවා සාතන් කව්ද යන්නට. හා ඔහු අපගේ ජීවිත වලට බලපානානේ කෙසේද යන්නට. සරළ වශයෙන් දැමූ කළ බයිබලය සාතන්ව ස්වර්ගයේ සිට තම පාපය නිසා වැටුනු දේව දූතයෙකු ලෙස හඳුන්වයි. එමෙන්ම දැන් ස්වාමින් වහන්සේට සම්පූර්ණයෙන්ම විරුද්ධව සිටී. ඔහු සතු සියලු බලය කරණකොට‍ෙගන දෙවියන් වහන්සේගේ සැලැස්ම කඩා අවුල් කිරීමට උත්සහ දරයි.

සාතන්ව මවනු ලැබුවේ ශුද්ධ දේව දූතයෙකු ලෙසයි. යෙසායා 14:12 සඳහන් පරිදි සාතන්ගේ වැටීමට පෙර ඔහුගේ නම ලුසිෆර්ය. එසකියෙල් 28:12-14 හී සාතන් චේරුබිම් කෙනෙකු ලෙස මවන ලද බවට විස්තර කරයි. ඔහු සිටි මවන ලද උසස්ම දේව දූතයායි. ඔහුගේ අලංකාරය තුළ හා තත්වය තුළ ඔහු දරඳඬු බවට පත්වුනා. එම හේතුව නිසා ඔහු දෙවියන් වහන්සේගේ සිංහාසනයටත් ඉහලින් සිටීමට උත්සහ කරා (යෙසායා 14:13-14; එසකියෙල් 28:15; 1 තිමෝති 3:6). සාතන්ගේ උඩඟුකම ඔහුගේ වැටීමට හේතුවයි. අවධානය යොමු කරන්න “මම කරමි” යන ප්‍රකාශය බොහොසේ යෙසායා 14:12-15. මක්නිසාද ඔහුගේ පාපය නිසා, දෙවියන් වහන්සේ සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දැමුවා.

සාතන් මේ ලෝකයේ පාලකයා හා නිදහස් අවකාශ‍ෙය් බලයේ කුමාරයා බවට පත්විය (යොහන් 12:31; 2 කොරින්ති 4:4; එපීස 2:2). ඔහු වරද තබන්නෙක් (එළිදරව් 12:10), පරික්‍ෂාකාරයා (මතෙව් 4:3; 1 තෙසලෝනික 3:5), වංචාකාරයෙක් (උත්පත්ති 3; 2 කොරින්ති 4:4; එළිදරව් 20:3). ඔහුගේ නමෙහි සැබෑ තේරුම නම් “විරුද්ධකාරයා” හෝ “විරෝධය පාන්නා” ඔහුගේ නාමයන් වලින් තව එකක් නම්, යක්‍ෂයා, “නින්දා කරන්නා.”

ඔහුව ස්වර්ගයෙන් නෙරපා දැමුවත් තවමත් ඔහුගේ උත්සහය වූයේ දෙවියන් වහන්සේට වඩා ඉහළින් යාමටයි (ඔහුගේ සිංහාසනය ගොඩ නගා ගැනීමයි). ඔහු දෙවියන් වහන්සේව අනුකරණය කරයි නිතරම, ඉන් ඔහු බලාපොරොත්තු වන්නේ ලෝකයාගේ නමස්කාරය ඔහු වෙත ගැනීමටත්, එමෙන්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධත්වය පෑමට දිරි ගන්වයි. ලෝකයේ ඇති ආගම් ලබ්දි භේද පිටුපස සිටින හේතුකාරයා සාතන් වේ. දෙවියන් වහන්සේව හා උන් වහන්සේව අනුගමනය කරන අයට විරුද්ධව ඕනම දෙයක් හා ඔහුට සතු සියලුම බලය පාවිච්චි කරයි. කෙසේ වෙතත් සාතන්ගේ ඉරණම මුද්‍රා කර ඇත-එය සදාකාල ගිනිවිලේ (එළිදරව් 20:10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන් කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries