settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ කව්ද? දෙවියන් වහන්සේ කරන්නේ කුමක්ද? අප දෙවියන් වහන්සේ දැනගන්නේ කෙසේද?

පිළිතුර


දෙවියන් වහන්සේ කව්ද? සිද්ධාන්තය.
දෙවියන් වහන්සේ ගේ ප්‍රවර්තනය මැවිල්ල හරහාද මනුෂ්‍යයා ගේ හෘදසාක්‍ෂිය හරහාද කැපී පෙනෙන ප්‍රකට කරුණකි. එබැවින් බයිබලය අදේවවාදියා 'මෝඩයෙකු' ලෙස පවසයි (ගීතාවලිය: 14:1). එම නිසා බයිබලය දෙවියන් වහන්සේගේ ප්‍රවර්තනය ඔප්පු කිරීමට කිසි විටක උත්සාහ නොගන්නා අතර ආරම්භයේ පටන්ම එතුමාගේ පැවැත්ම පිළිගනී (උත්පත්ති 1:1). දෙවියන් වහන්සේගේ ස්වාභාවය, චරිතය සහ ක්‍රියාව පිළිබඳ බයිබලය එළිදරව් කරන්නේ කුමක්ද?

දෙවියන් වහන්සේ කව්ද? නිර්වචනය
දෙවියන් වහන්සේ පිළිබඳ නිවරද්‍ය චින්තනයකට පිවිසීම ඉතාම වැදගත් වේ. මන්ද දෙවියන් වහන්සේව ප්‍රතිමා වන්දනාවක් ලෙස සාවද්‍ය මතයක් වේ. ගීතාවලිය 50:21 දෙවියන් වහන්සේ දුෂ්ඨ මනුෂ්‍යයා විසින් ගෙනෙන ලද දෝෂාරෝපණයන්ට තරවටු කරයි " මමත් සියලු ආකාරයෙන් තට සමානයයි සිතුවෙහිය". අති ශ්‍රේෂ්ඨභාවය, පවත්නා සියල්ලෙහි මැවුම්කරු සහ පාලනකරු, ස්වයංභුවන, බලයේ පරිපූර්ණ දවන යහපත්කම සහ නුවණැති යන්න දෙවියන් වහන්සේ නිර්වචනය කිරීමේ ආරම්භයට යහපත් සාරාංශගත කිරීමක් වේ.

දෙවියන් වහන්සේ කව්ද? එතුමාගේ ස්වාභාවය
එක් කරුණක් කරණකොට ගෙන දෙවියන් වහන්සේ පිළිබඳ සමහර කරුණු සැබෑ බව අපි දන්නෙමුව. එතුමාගේ දයානුකම්පාව නිසා සමහර එතුමාගේ ගුණාංග එළිදරව් කිරීමට එතුමා නිහතමානී වී ඇත. දෙවියන් වහන්සේ ආත්මයක්ය, ස්වභාවයෙන් ස්පර්ශ කළ නොහැකිය (යොහාන් 4:24) ඒක පුද්ගල දෙවියන් වහන්සේ පුද්ගලයන් තිදෙනෙකු ලෙස පැවතේ. පියාණන් වන දෙවියන් වහන්සේද, පූත්‍රයාණන් වන දෙවියන් වහන්සේද සහ ශුද්ධ ආත්මයාණන් වන දෙවියන් වහන්සේද වේ (මතෙව් 3: 16-17) දෙවියන් වහන්සේ සීමා රහිතය (1 තිමොති 1:17). සමානකළ නොහැකි (2 සාමුවෙල් 7:22) සහ නොවෙනස් වන සුළු (මලාකි 3:6). දෙවියන් වහන්සේ සර්වස්ථානය (ගීතාවලිය 139:7-12), සියල්ල දත් (මතෙව් 11:21) සියලු බලැති සහ අධිකාරිත්වයෙන් යුතු (එපීස 1, සහඑළිදරව් 19:6) වේ.

දෙවියන් වහන්සේ කව්ද? එතුමාගේ චරිතය
බයිබලයේ එළදරව් කරන ලද සමහර ගති ලක්‍ෂණ කිහිපයක් මෙහි වේ. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨය (ක්‍රියා 17:3) ප්‍රේමණීයයි (එපීස 2:4-5) සත්‍යවාදී (යොහාන් 14:6) සහ ශුද්ධය ( 1 යොහාන් 1:5) දෙවියන් වහන්සේ අනුකම්පාව දක්වන සේක. (2 කොරින්ති 1:3) දයාවන්තය (රෝම 9:17) අනුග්‍රහය දක්වයි (රෝම 5:17) පාපය විනිශ්චය කරන සේක (ගීතාවලිය 5:5) නුමුත් සමාව දේ (ගීතාවලිය 130:4).

දෙවියන් වහන්සේ කව්ද? එතුමාගේ ක්‍රියාව
දෙවියන් වහන්සේ ගේ ක්‍රියාවෙන් බැහැරව එතුමාව තේරුම් ගැනීමට නොහැකිය. මන්ද එතුමාගේ ක්‍රියාව දේවත්වය (එතුමා දෙවියන් වහන්සේ) නිසා සිදුවේ. අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ දෙවියන් වහන්සේ ගේ ක්‍රියාව පිළිබඳ සංක්‍ෂිප්ත ලැයිස්තුවක් මෙහි සඳහන් වේ. දෙවියන් වහන්සේ ලොව මැවූ සේක (උත්පත්ති 1:1, යෙසායා 42:5) එතුමා ක්‍රියාශීලීව ලොවදරා සිටියි (කොලොස්සි 1:17) එතුමාගේ සදාකාලික සැලසුම ක්‍රියාත්මක කරවයි (එපීස 1:11). පාපයේ සහ මරණයේ ශාපයෙන් මුදවන, මිදීමේ ක්‍රියා වලියද ඊට ඇතුලත් වේ (ගලාති 3: 13-14). එතුමා මනුෂ්‍යයන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන එයි (යොහාන් 6:44). එතුමාගේ දරුවන් විනයානුකුල කරයි (හෙබ්‍රෙව් 12:6) සහ එතුමා ලොව විනිශ්චය කරනු ලබයි (එළිදරව් 20:11-15).

දෙවියන් වහන්සේ කව්ද? එතුමා සමඟ ඇති සම්බන්ධතාවය
පුත්‍රයාණන් වහන්සේ ලෙස මිනිස් රූ ආරෝපිත කෙනෙකු බවට පත්විය (යෙසායා 1:14). දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා මනුෂ්‍ය පුත්‍රයා වීම කරණකොට ගෙන දෙවියන් වහන්සේ හා මිනිසා අතර පාලම ඉදිවිය. (යොහාන් 14:6, 1 තිමොති 2:5). පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන පාපයට කමා වලබා (එපීස 1:7) දෙවියන් වහන්සේ සමඟ සමඟි කමකට පැමීණීමට හැකි වන අතර (රෝම 15:15, රෝම 5:10) සදාකාලික ගැලවීමද ලබා ගත හැකිය (2 තිමොති 2:10). මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ "දේවත්වයේ සියලු සම්පූර්ණ කම ශරීරාකාරයෙන් වාසයකරන්නේය" (කොලොස්සි 2:9). එබැවින් දෙවියන් වහන්සේ කව්ද යන්නට පිළිතුර ලබන පිණිස අප කළ යුත්තේ යේසුස් වහන්සේ දෙස බැලීමය. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ කව්ද? දෙවියන් වහන්සේ කරන්නේ කුමක්ද? අප දෙවියන් වහන්සේ දැනගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries