settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයෙහි ඔබ දෙවිවරු ලෙස, ගීතාවලිය 82:6 හා යොහාන් 10:34 කුමක් නිරූපනය කරයි ද?

පිළිතුර


අප ගීතාවලිය 82 න් ප්‍රථමයෙන් ආරම්භ කරමු. මෙම කොටසම නැවතත් යොහාන් 10:34 දී සඳහන් වේ. ගීතාවලිය 82:6 හී සඳහන් දෙවිවරු හී හෙබ්‍රව් තේරුම නම් එලෝහිම්ය. එය සැබවින්ම නිරූපනය කරන්නේ සත්‍ය වූ එකම දෙවියන් වහන්සේ යන්නයි. නුමුත් එහි වෙනත් තේරුම් ද ඇත. ගීතාවලිය 82:1 හි දෙවියන් වහන්සේ දේව සභාවෙහි නැගිට සිටින සේක. උන් වහන්සේ දෙවිවරුන් අතරේ විනිශ්වය කරන සේක. එහි ඉතිරි පද වලින් පැහැදිලි වන්නේ දෙවිවරු ලෙස හැඳින්වෙන්නේ මහේස්ත්‍රාත්වරු, විනිශ්චයකාරයන් හා බලය හා තනතුරු හොබවන මිනිසුන්ය. මිනිසාව මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පෙන්නුම්, දෙවියන් වහන්සේ පෙන්නුම් කරන්නේ එනම් අනෙකුත් මිනිසුන් කෙරෙහි බලය ඇති බව, ඔහු විසින් දෙන්නාවූ බලයට යටත් විය යුතුය, දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට බලය හා බලතල මුළු ලොව පාලනය කිරීමට දී ඇති බවය. එය 8 වන පදය තුළින් මනාව පැහැදිලි වෙි.

දෙවිවරු ලෙස මිනිසාව හැඳින්වීම කළාතුරකින් බයිබලයෙහි සඳහන් වූවත්, පැරණි ගිවිසුමෙහි සඳහන් වේ. උදාහරණයක් ලෙස දෙවියන් වහන්සේ මොසෙස්ව පාරාවෝ ළඟට යවන විට බලව මම නුඹව පාරාවෝට දෙවි කෙනෙකු කොට තැබුවෙමි. (නික්මයාම7:1) මෙය දෙවියන් වහන්සේගේ දූතයෙකු ලෙස මෝසෙස්ව හඳුන්වාදෙයි. මෝසෙස් දේව වචනය කථා කළ අතර, එය රඡතුමා ඉදිරියෙහි දෙවියන් වහන්සේව නිරූපනය කරනවා හා සමානයි. එලෝහිම් හී තේරුම විනිශ්වයකරුවා ලෙස නික්මයාම 21:6, 22:8-9 හා 28 හී සඳහන් වේ. ගීතාවලිය 82 හී සැබවින්ම සඳහන් වන්නේ විනිශ්වය කරුවන් සැබවිටම සාධාරණ හා යුක්ති සහගත විය යුතුය. මක්නිසාද ඔවුන් කවදා හෝ දෙවියන් වහන්සේ ඉදිරියෙහි විනිශ්වයට ලක්වන බවය. මිනිස් මහේස්ත්‍රාත්වරුන් ද දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ විනිශ්වයට ලක්වන බවය. නුඹලා දෙවිවරුය, නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. එහෙත් තෙපි මනුෂ්‍යන් මෙන් මැරෙන්නහුය. අධිපතීනිගෙන් එක්කෙනෙකු මෙන් වැටෙන්නහුය. මෙම පරිචිඡේදයෙන් කියවෙන්නේ දෙවියන් වහන්සේ මිනිසාට බලය හා බලතල ලබා දූන් බවය. එබැවින් ඔවුන් මිනිසුන් ඉදිරියෙහි දෙවිවරුන් ලෙස සළකයි. එය එසේ ඔවුන්ට මතක් කරන්නේ දෙවියන් වහන්සේ ඔවුන් එම බලතල දූන් බව හා ඔවුන් තම රාඡකාරියේ නිරත වන විට සැමවිටම ඒ ගැන සිතය යුතු බව පෙන්වාදෙයි.

දැන් අප විමසා බැලිය යුත්තේ යේසුස් වහන්සේ මෙම පරිචිඡේතය යොදාගත්තේ කුමන ආකාරයකින් ද යන්නයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස යේසුස් වහන්සේ සළකනු ලබයි. (යොහාන්10:25-30) යේසුස් වහන්සේව අවිශ්වාස කළ යුදෙවිවන් යේසුස් වහන්සේට ගරු සරු නැතිව කථා කරනු ලැබුවත් උන් වහන්සේ දෙවියන් වහන්සේව සිටිසේක (33 වන පදය ). යේසුස් වහන්සේ ගීතාවලියේ සඳහන් දේ උපුටා ගත්තේ යුදෙවිවන්ට මතක් කර දීමට හා ඒ තුළින් බලතල හා උරුමය සාමාන්‍ය ඡනයාටද දෙවිවරුන්ට ලෙස අයිති බව පෙන්වා දීමටය.යේසුස්වහන්සේ විසින් පෙන්වා දෙන්නේ, ඔවුන් උන් වහන්සේට ගරුසරු නැතිව කතා කළේ උන් වහන්සේ දෙවියන් වහන්සෙගේ පුත්‍රයා යයි පවසන නිසාය. මෙම ප්‍රකාශ මහේස්තා්‍රතවරුන්ටත් එලෙසම බලපානු ලබයි. උතුමිවූ කාර්යයක් හොබවන කෙනෙකුට මෙතරම් සළකනවා නම් දෙවියන් වහන්සේ විසින් පාවිච්චි කරන තැනැත්තාට කෙතරම් ලොකු බලයක් සම්බවෙනවා ඇතිද? (පද 34-36)

පැහැදිලි ලෙස ගත්කළ එදා ඒදන් උයනේදී සර්පයා විසින ඒවව පරික්ශා කරනු ලැබීමයි. ඔහුගේ පදය වන්නේ, මක්නිසාද ඔවුන් එයින් කන දවසේදී නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත්ය. (උත්පත්ති3:5) ඔවුන්ගේ ඇස් ඇරුණේය. (පදය7) නුමුත් ඔවුන් දෙවියන් වහන්සේ වගේ නොවීය. ඔවුන්ට බලතල හිමි වීමට වඩා අඩු විය. සාතන් දෙවියන් වහන්සේව කුරිරු ලෙස වරදට පොළඹවා ගැනුනි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි සළකනු ලැබූ අතර බයිබලයෙහි සමහරක් අර්ථයක් නොමැති පදද ඇත. බොහෝ මිනිසුන් දෙවිවරු ලෙස තමාවම සිතා ගනී. මෙසියස් වහන්සේට උන් වහන්සේගේ නාමය හිමිවිය යුතුය. මිනිසුන් දෙවිවරු හා කුඩා දෙවිවරු ලෙස නොවන බවයි. අප දෙවියන් වහන්සේ නොවෙයි. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප සියල්ලෝ දරුවෝය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයෙහි ඔබ දෙවිවරු ලෙස, ගීතාවලිය 82:6 හා යොහාන් 10:34 කුමක් නිරූපනය කරයි ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries