settings icon
share icon
ප්‍රශ්නය

සියොන් යනු කුමක්ද ? සියොන් කන්ද යනු කුමක්ද? බයිබලයෙහි සියොන් අර්ථවත් කර ඇත්තේ කෙසේද?

පිළිතුර


ගීතාවලිය 87:2-3 පවසන්නේ, ස්වාමින් වහන්සේ යාකොබ් වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේම වන සේක. එම්බා දෙවියන් වහන්සේගේ නුවර, තී ගැන කීර්තිමත් දේ කියා තිබේ. බයිබලයෙහි පුරා150 වතාවක් සඳහන් වන සියොන් හී සැබෑ තේරුම නම් බලකොටුව හෙවත් රැකවල් කිරීම. බයිබලයෙහි සියොන් යනු දාවිත්ගේ හා දෙවියන් වහන්සේගේ නගරයන් ලෙස පැහැදිලිව පෙන්වා දෙයි. බයිබලය නැවත නැවතත් එය උපුටා දක්වමින් පවසන්නේ, සියොන් යනු සැබවින්ම නගරයක් නොවන අතර, එහි ගැඹුරු අධ්‍යාත්මික අර්ථයක් ඇති බව පෙන්වාදෙයි.

බයිබලයෙහි මුලින්ම සියොන් ගැන සඳහන් වන්නේ, 2 සාමුවෙල් 5:7, නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්ලා ගත්තේය. එය දාවිත්ගේ නුවර විය. යෙරුසකම් නගරයේ පැවති, ඡෙබුසයිද් පර්වතය සැබවින්ම සියොන් ලෙස නම් කර ලද්දක් යයි අපට පැවසිය හැක. සියොන් සැබවින්ම එම පර්වතය පමණක් නොව, එය පිහිටි නගරය ලෙස ද හැඳින්විය හැකිය. දාවිත් ඒ නුවර අල්ලා ගත් පසු, සියොන්හී බලකොටුව, සියොන් එම අවදියේදී හැඳින්වනු ලැබුවේ දාවිත්ගේ නුවර ලෙසය (1 රාඡාවලිය 8: 1,1 ලේකම් 11:5, 2 ලේකම් 5:2).

සාලමොන් රඡු දේවමාළිගාව, යෙරුසලමෙහි දේව මාළිඟාව සාඳන විට, සියොන්හී තේරුම වඩාත් තීර්ව විය. එහි දේවමාළගාව හා ඒ අවට ප්‍රදේශ ද සඳහන් කරයි (ගීතාවලිය 2:6, 48:2,11-12,132:13). සියොන් සමහරක් අවස්ථා වලදී යෙරුසලම් නගරය, යුදා දේශය, ඉශ්‍රායෙල් ඡනයා, යන සියල්ල හැඳින් වීමට යොදා ගෙන තිබේ (යෙසායා 40:9 , යෙරමියා 31:12, සෙකරියා 9:13).

සියොන්හි යන්නෙහි සැබෑ තේරුමෙහි ප්‍රයෝඡනය නම් දේව ධර්මවාදී අදහසය. සියොන් ලෙස විශේෂාකාරයෙන් පෙන්වා දී ඇත්තේ දෙවියන් වහන්සේගේ සෙනඟ වූ ඉශ්‍රායෙල් සෙනඟයි (යෙසායා 60:14). සියොන්හී අධ්‍යාත්මික තේරුම නව ගිවිසුමෙහිද සඳහන් වේ. එහි තේරුම නම් දෙවියන් වහන්සේගේ අධ්‍යාත්මික රාඡධානිය හා ස්වර්ගීම යෙරුසලම යන්නයි (හෙබ්‍රෙව් 12:22, එළිදරව් 14:1) පේත්‍රැස් හඳුන්වන්නේ සියොන්හී පාදකය යේසුස් වහන්සේ ලෙසය. බලව තෝරාගත් අනර්ඝ කොනේ ප්‍රධාන ගලක් සියොන්හී තබමි, උන් වහන්සේ කෙරෙහි අදහන්නා ලැඡ්ඡාවට නොපැමිණෙන්නේය (1 පේත්‍රැස් 2:6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සියොන් යනු කුමක්ද ? සියොන් කන්ද යනු කුමක්ද? බයිබලයෙහි සියොන් අර්ථවත් කර ඇත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries