settings icon
share icon

පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය

පැරණි ගිවිසුම කොටස් 5 කට බෙදනු ලැබේ. එනම් පංච පුස්ථකය, උත්පත්ති සිට ද්විතිය කථාව දක්වා, ඉතිහාස පොත් එනම් යොෂුවා සිට එස්තර්, කාව්‍යමය පොත් එනම් යෝබ් සිට සාලමොන්ගේ ගීතිකා, ප්‍රධාන අනාගතවකතෘ වරුන්, යෙසායා සිට දානියෙල් දක්වා හා සුළු අනාගතවාකතෘ වරුන් හොෂෙයා සිට මලාකි. පැරණි ගිවිසුම නියත වශයෙන්ම ලියනු ලැබ ඇත්තේ ක්‍රි.පූ 1400 සිට 400 දක්වා කාලය තුළදී ය. එය ලියවී ඇත්තේ ප්‍රධාන වශයෙන් හෙබ්‍රව් භාෂාවෙන් හා සුළු වශයෙන් ඇරමයික් භාෂාවෙනි. (මෙය හෙබ්‍රෙව් භාෂාවට සමානවු භාෂාවකි).

පැරණි ගිවිසුමෙහි ගැබ් වී ඇත්තේ දෙවියන් වහන්සේ හා ඉශ්‍රායෙල් ඡනයා අතර පැවති සම්බන්ධතාවයයි. පංච පුස්තකයේ බොහෝ ලෙස සඳහන් වන්නේ ඉශ්‍රායෙල් ඡනයාගේ නිර්මාණය හා ඔවුන් සමඟ ඇති කර ගත් ගිවිසුමයි. ඉතිහාස පොත් ඉශ්‍රායෙල් ඡනයාගේ ඉතිහාසය, ඔවුන්ගේ ඡයග්‍රහණයන් හා සාර්ථක දේ හා පරාඡයන් අසාර්ථක දේ පිළිබඳව ද සඳහන්වේ. කාව්‍යමය පොත් දෙවියන් වහන්සේ හා ඡනයා අතර තිබූ සබඳතාවය ඉතා ළෙන්ගතු බව පවසයි. ඉශ්‍රායෙල් සෙනඟ උන් වහන්සේව නැමදීම උන් වහන්සේ කොතෙකුත් අගය කළා ද කියා දැනගත හැක. අනාගනවාකෘත පොත් වළින් සඳහන් කරනු ලැබුවේ, ඉශ්‍රායෙල් ඡනයා සිතින් මවා ගත් දේ හා අවිශ්වාසී වූ ඡිවිත පිළිවෙළ නවතා දමා කීකරුකමින් යුක්ත වූ හා ආත්මීක සබඳතාවයකට එළඹීම පිළිබඳවයි.

සැබවින්ම ප්‍රථම ගිවිසුම ඉතා ගුණදායක බව පැහැදිලිය. පැරණි යන වචනයෙන් එය යාවත්කාලීන නොවූ හා අදාළ නොවන බව පෙනෙන්නට තිබුණත් එය සත්‍ය හා බැඳී පවතී. එම නිසා පැරණි ගිවිසුම පරිශීලනය වටිනාකමින් යුක්ත වුත් හා එය ආත්මිකව ගොඩනැඟීමට දරන ප්‍රයත්නයකි. පහත සඳහන් පැරණි ගිවිසුමෙහි සෑම පොතකම තිබෙන සාරාංශ ගත කිරීම්ය. අපගේ නිරතුරු බලාපොරොත්තුව නම් යේසුස් වහන්සේ කරා යන ගමනේ, අළුත් ගිවිසුම පිළිබඳ හැදෑරීම ඵලදායී ලෙස ඔබගේ ඡීවිතයට බලපෑමයි.

English



උත්පත්ති පොත

උත්පත්ති පොත

ලෙවී කථාව

ගණන් කථාව පොත

ද්වීතීය කථාව පොත

යොෂුවා පොත

විනිශ්චයකාරයාගේ පොත

රූත්ගේ පොත

1 වන සාමුවෙල් පොත

2 වන සාමුවෙල් පොත

1 වන රාජාවලිය පොත

2 වන රාජාවලිය පොත

1 වන ලේකම් පොත

2 වන ලේකම් පොත

එස්රා පොත

නෙහෙමියා පොත

එස්තර් පොත

යෝබ් පොත

ගීතාචලිය

හිතෝපදේශ පොත

දේශනාකාරයා පොත

සාලමොන්ගේ ගීතිකාව

යෙසායා පොත

යෙරමියා පොත

විලාප ගී

එසකියෙල් පොත

දානියෙල් පොත

හොෂෙයා පොත

යෝවෙල් පොත

ආමොස් පොත

ඔබදියා පොත

යෝනා පොත

මීකා පොත

නාහුම් පොත

හබක්කුක් පොත

ශෙපනියා පොත

හග්ගයි පොත

සෙකරියා පොත

මලාකි පොත


බයිබලය පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries